බිලි

962 159 89
                                    


රාත්‍රි අහසේ පූර්ණ චන්ද්‍රයා පායා මුළු පරිසරයම එළිය කරද්දි රනා ඔහු අතේ තිබූ වේවැල ගෙන මිදුල හරිමැද තරමක් විශාල රවුමක් ඇඳ එරික්ව , සියදෝරිස් ගුරුන්නාන්සෙ , ඔහුගෙ බිරිඳ හා තවත් තරුණ කොල්ලන් කීපදෙනෙක් ඒ රවුම ඇතුලට එක්කන් ගොස් බිම ඉන්ඳීය.....

"හඳ හිස කෙලින් ආ හෝරාවෙන් පස්සෙ ගමේ කිසිම කෙනෙක් කිසිම හේතුවක් හන්දා ගෙවල්වලින් එළියට බහින්න එපා....!!! ඒක හොඳට සිහි තබාගනිල්ල ඔක්කොමල....!!!! "

සියදෝරිස් ගුරුන්නාන්සෙගෙ ගෙදර මිදුලෙ සිට ගෙවල් බලා යන්නට සැරසුණු ගැමියන්ට රනා බැරෑරුම් හඬින් එසේ කීවේය........

"එහෙමයි රනා ගුරුන්නාන්සෙ ......!!! "

මෙච්චර දවසක් ගැමියන්ට රනා මලයා රනා අයියා වූ රනා මේ මොහොතේ රනා ගුරුන්නාන්සෙ විය.සියල්ලන් පිටවගිය පසු මිදුල මැද්දෙ ඔහු ඇන්ඳ කවයට ආ රනා හිස අහස දෙසට හරවා හඳ දිහාව බලාගෙන සිටින්න වූ අතර හඳ ඔහුගෙ හිසට ඉහළින් මුදුන් වෙද්දි මහා ගැඹුරු තියුණු හඬකින් රනා මතුරන්නට පටන් ගත්තේය........!!!!!

රනා මතුරන්නට අරං වැඩිවෙලා යන්නට පෙර මෙච්චර වෙලාවක් මද හුළඟක් හමමින් ගස් කොලන් හෙල්ලමින් තිබූ පරිසරය නිසොල්මන් විය...!!! පරිසරය තරමක් උණුසුම් ලෙස මෙපමණ වෙලා තිබුනත් හිටි අඩියේම මුළු පරිසරයම හීතල වන්නට උනේ කවය තුල සිටින පිරිසව එක පොදියට එකට ලංකරවමිනි........!!!!!

ලා සුදු පාටින් මුලු පරිසරයම ආලෝකයෙන් පුරවමින් තිබුනු හඳ එක්වරම මහා ඝණ වැහි වළාකුලකින් වැහිල යන්න ගනිද්දිම කවය තුල සිටි සියල්ලන්ගෙ ඇඟේ මයිල් කෙලින් කරමින් රනාලගෙ හේන පැත්තෙන්  ඇහෙන්නට උනේ මහා මූසල හූ හඬකි....!!! ඒ හූ හඬ ඇසුන සියල්ලන්ම පපුවලට අත් තියාගෙන මීයට පිම්බාක් වගේ නිශ්ශබ්ද වෙද්දි ඔවුට ඇහෙන්න උනේ ගොරවමින් හතිදාමින් පහළ දෙවැට පැන බල්ලෙක් වැනි විශාල සතෙක් ඔවුන් සිටින දිහාවට එකම පිම්මෙ දුවගෙන එන විදිහයි......!!!!!!

එක්වරම මහ හයියෙන් ගොරවමින් කෙළ පෙරාගෙන දත් විලිස්සගෙන ලේ රතුපාට ඇස්වලින් වියරුවෙන් බලමින් කැලේ සිට රනා ඇතුළු පිරිස් රැස්වී සිටි සියදෝරිස් ගුරුන්නාන්සෙගෙ මිදුලට පැන්නේ අඩි හතරක් විතර උස් වූ තනි කළු බල්ලෙකි...!!! වියරුවෙන් රනා දෙස බැලූ ඌ ඊගාව මොහොතේ පිල්ලියේ රූපෙට හැරෙද්දි කවය තුල හිටි එක් තරුණයෙක් සිහි නැතුව බිම වැටුණි...!!!

රන්තලිය වලව්වWhere stories live. Discover now