නිසංසල කවක් 01

49 3 2
                                    


මළ හිරු බැහැලා යන වෙලාවේ,..තාමත්,..හවස වාඩිවෙච්ච ගල් බංකුවට පිට දීගෙන,..කඩල ගොට්ටකුත් අල්ලගෙන,...හෙමිහිට කඩල අහුරකුත් අරන් කෑවේ,..වෙනදා වගේම,..හවසට අහසේ පියාඹගෙන යන කුරුල්ලෝ රෑන් දිහා බලාගෙන ⁣හිනාවෙන ගමන්....

"ඕයි!,උත්තරා!"

ගල් බංකුවේ වාඩිවෙලා දැහැනක් වගේ කුරුල්ලෝ රෑන් දිහා බලන් ඉඳපු කෙල්ල,..හඬ ඇහුණ දිහාවත් නොබලා තනියම හිනාවුණේ,...කවුරු නැතත්,..කෑ ගහන කෙල්ල එනවා කියලා දැ⁣නගෙනමයි,...
වෙඩිල්ල වගේ ඇවිදන් ආපු කෙල්ල,..එහෙමම බෑග් එකත් උත්තරාට දමලා ගහලා,..එහා පැත්තෙන් වාඩි ⁣වුණේ,..උත්තරාගේ අල්ලත් කොනිත්තගෙනමයි,....

"මට කියන්න බැරි නම්,..වෙන කාටහරි කියලා එන්න එපැයි,....මෝඩයා!,මං බයවුණා!"

උත්තරාගේ අල්ල ආපහු හෙමිහි⁣ට අතගාපු කෙල්ල,..හිනාවෙන උත්තරා දිහා,..බලන් හිටියා,...

"මට හරි මහන්සියි!,..වන්දනා!"

උත්තරා,..වන්දනාගේ බෑග් එකත් පපුවට තුරුලු කරගත්තේ,..ඇස් පියාගෙන හොඳ හුස්මකුත් ගන්න ගමන්,.....එකම පැත්තට ගලාගෙන යන හුළඟ නිසාම,..උත්තරාගේ කොණ්ඩෙත් ඒ අතටම ගියේ,..වන්දනා,..උත්තරාගේ කොණ්ඩේ අල්ලලා අතේ තිබ්බ නිල් පාට බූල අල්ලලා දාන ගමන්,..

"උබ පව්,..නෑ!,උත්තරා!,මොනා වුණත් උබේ හිත හයියයිනේ,...බං!,මහන්සියි කියන්න වේලාසන වැඩී නේ බං!"

වන්දනා,..හෙමිහිට කියාගෙන යන ගමන්,..උත්තරාගේ ඔළුව අතගෑවේ,..උත්තරාට හිනාවක් දෙන ගමන්,..වන්දනාගේ අතින් අල්ල ගත්ත උත්තරා,..වචන හෙව්වේ,..හරි පරිස්⁣සමෙන්,..

"වන්දනා,...මේක මහා හිසරදයක්,...මං හිතන්නේ,..මේ ලෝකේ මහන්සී කියලා මිනිස්සු වැටෙන්නේ එක තැනක් ඇඳට,..එක තැනක්,..වලට,....මං හැමදාම වැටුණේ ඇඳට,..ඒත් දැන්,..සදහටම මහන්සී නම්,..මං කොහෙටද වැටෙන්න ඕන....!"

උත්තරාගේ ප්‍රශ්න වලට වන්දනාට උත්තරාගේ කන පැලෙන්න ගහන්න වුවමනා වුණත් වන්දනා එහෙම නොකර උත්තරාගේ අත අල්ලන්,..හයියෙන් කොනිත්තලා,...ඒ අත තදකරලා අල්ල ගත්තා,...

"උබ!,උබ හිතන් ඉන්නේ ⁣උබට කවුරුවත් නෑ කියලද උත්තරා,..දැන ගන්නවා,..කවුරු නැති වුණත් උබට මං ඉන්නවා කියලා,...එහෙව් එකේ ඇඳද,..වලටද අහද්දි,..!"

නිසංසල කවක්! Where stories live. Discover now