නිසංසල කවක් 03

30 5 2
                                    


උත්තරාගේ උත්තරේට මොනවත්ම නොකිය උත්තරා දිහා බලපු ආධ්‍යා ⁣එහෙමම තමන්ගේ අතැඟිලි පටලව ගෙන ඔඩොක්කුවෙන් තියා ගත්තා,....කෝච්චියට පිරෙන සෙනඟ අතරේ,..හිස් වෙලා තිබ්බ ඉස්සරහ සීට් එකට ආවේ,..⁣පොඩි ගෑනු ළමයෙක් වඩාන හිටිය අම්මා කෙනෙක්.....ඒ පුංචි එකා දිහා බලලා හිනා වුණ ආධ්‍යා උත්තරා දිහා බැලුවා,...උත්තරා පුංචි එකාට එක එක දේවල් ඇස් දෙකෙන් කරලා පෙන්නනවා,....පොඩි කෙල්ල ඇස් බෝල කරන් හිනාවෙනවා,....ඒ අම්මා නම් ඇදිලා ගිහින්....කම්මුල් ගිලිලා,...වයසට වඩා වයසට ගිහින් වගේ.....

මේ කාලේ පොඩි එකෙක් වුණත් හදන්න අමාරු කාලයක්.....ඒකත් මේ අම්මා දිහා බැලුවම ඒක හොඳටම පේනවා,....කොයිතරම් තරා තිරම් වල මිනිස්සු ඡීවත් ⁣වෙනවා වුණත් හැමදාම දුක් වින්දේ,..මේ වගේ අහිංසක මිනිස්සු...පොඩි කෙල්ලගේ අත් පිරිලා...කම්මුල් පිරිලා,...බෝලයක් වගේ.....මේ ලස්සන කෙලි පොඩ්ඩව හදන්න...මේ අම්මා ඒ ලස්සන බිල්ලට දෙනවා,....උත්තරාට උත්තරාගේ අම්මව මතක් වුණා...එක විනාඩියකට නොදැනිම හිනාවක් එක්ක..කදුළු ඇස් දෙකට ආවේ....ඒ හිනාවල් මතක් වෙලා,.......

"පැට්ටෝ!"

ආධ්‍යා පොඩි එකීගේ බෝල අතක් අල්ලන් හෙමිහිට වැනුවා...බෝල අ⁣තේ චූටි ඇඟිලි වලින් හරි පරිස්සමට හාද්දක් තියපු ආධ්‍යා ආසාවෙන් බලන් ඉන්න විදිය දැක්කම උත්තරාට හිනාවක් ආවා,......ආධ්‍යා අක්කා පොඩි ළමයින්ට කැමතියි....උත්තරාට එහෙම හිතුණා,....උත්තරාටත් බලන් ඉන්න බැරිම තැන පොඩි එකාගේ කම්මුලක් අල්ලන්න ඉස්සරහ⁣ට වුණා,...

"ඇයි පැටියෝ!"

උත්තරා පොඩි එකාගේ වම් කම්මුල හෙමිහිට අල්ලලා හාද්දක් තිව්වා,..පොඩි කෙල්ල දත් නැති තවම දත් එන්න වෑයම් කරන චූටි කටින් හිනාවුණා,.....ඇස් බෝල තද කළු පාටට...එයා තලෙලු බබෙක්...ඒත් ඇත්තටම හුරතල්.....බබාගේ අම්මා දෙන්නගේ⁣ කෝලම් වලට හිනාවුණේ ඇත්තටමයි....උත්තරා බබාගේ අම්මගෙන් මොනවාදෝ අහද්දි,..ආධ්‍යා කරේ බබාව හුරතල් කරපු එක....

"මෙයාගේ නම මොකක්ද...අම්මේ!"

උත්තරාට වඩා අවුරුදු පහක් විතර වැඩිමල් කියලා පෙනුනත් උත්තරාට අක්කා කියලා කියනවට වඩා අම්මා කියලා කියන්න හිතුණා.......

You've reached the end of published parts.

⏰ Last updated: Apr 30 ⏰

Add this story to your Library to get notified about new parts!

නිසංසල කවක්! Where stories live. Discover now