නිසංසල කවක් 02

37 5 3
                                    


බිඳිලා ගිය මල් වාස් එ⁣කත් එක්ක,..සුදු පාට මල් පෙති හැම තැනම විසිරිලා ගිහින්,..උත්තරා,..තමන්ගේ කාමරේ ඇතුලේ ඡනෙල් කණ්ඩිය ළඟ තිබ්බ,..මල් වාස් එකේ බිඳිලා ගිය වීදුරු කෑලි ටික දිහා බලාගෙනම මේසේ ළඟින්ම බෑග් එක තියලා,....ඒ දිහා බලාගෙනම ළඟම තිබ්බ ඇඳ උඩින් වාඩිවුණා....කැඩිලා ගිය මල් වාස් එකට ලස්සන අතීතයක් තිබ්බා,...ඒත් දැන් ඒකත් එක්කම මල් වාස් එකත් ඒ බිඳිච්ච අතීතෙට අයිති වෙලා,...

උත්තරා,...ඒ දිහා බලන් ඉඳලා,...ටිකකින්,..බිමට නැවිලා,..හරි පරිස්සමට වීදුරු කෑලි ටික අතට ගත්තා...එකින් එක වීදුරු කෑලි අහුලලා,..මේසේ උඩ තිබ්බ කටු කොලේට දාලා,..ඒ වීදුරු කටු ටික,....කොලේටම ගුලි කරලා,..මේසේ උඩින්ම තියපු උත්තරා,..අල්මාරිය උඩ තිබ්බ ලොකු ⁣බෑග් එක පහළට ගත්තේ,..කහින ගමන්,...⁣බැලූ බැල්මට පරණ බෑග් එකක්...උත්තරා,..පොත් ගොඩාක් එක්ක තිබ්බ බෑග් එකට මේසේ උඩ තිබ්බ වීදුරු කටු ටික ඔතපු කොලේ අරන් බෑග් එකට දාලා වහලා දැම්මා....⁣හුස්මක් පහත දාපු උත්තරා,..තිබ්බ විදියටම බෑග් එකත් අල්මාරිය උඩටම දාලා,...පෙති විසිරිලා තිබ්බ,..මල් නටු වැටිලා තිබ්බ බිම දිහා බලාගෙන ඉඳලා නටු ⁣ටික අහුලලා,..ඡනේලෙන් එළියට විසි කරලා දැම්මා...න⁣⁣ටුවත් එක්කම තිබ්බ මල අරන් මේසේ උඩම තිබ්බ උත්තරා,...⁣සාක්කුවෙන් ෆෝන් එක ගත්තේ රින්ග් වෙන සද්දෙට....

"බෝඩිමට ආවා නේද..!"

වන්දනාගේ කටහඬ ඇහෙද්දි,..උත්තරාගේ ඇඟේ මාලු නටන්න වුණා...උත්තරාට දැන් තමයි ආධ්‍යා මතක් වුණේ,...

"ඔව්,..ඔව්,..උබ මොකටද මට ට්‍රාන්ස්පෝට් හදලා දෙන්නේ.."

උත්තරා තවමත් ඇරලා දාලා තිබ්බ ඡනේලේ වහලා,....එතනටම හේත්තු වෙලා ෆෝන් එකත් කනට තියාගෙන මේසේ උඩ තිබ්බ,..තනිවුණ රෝස මල දිහා බලාගෙනම කතා කරා....

"ඉතින් මං හොඳ නැද්ද...උබ!,බයික් එකෙන් රෑං ගාලා ආවානේ.....ඇයි අක්කා මොනාහරි කිව්වද...!"

වන්දනාගේ ප්‍රශ්නෙට උත්තරාට හිනාවක් ආවා,..උත්තරා,..ඔළුවත් හොල්ලලා,..මේසේ උඩ තිබ්බ රෝස මල අතට ගත්තා...

"නෑ....ආධ්‍යා අක්කා හොඳයි,...!"

උත්තරා,..රෝස මල වටයක් කරකැවුවේ,..හවස තිබ්බ ප්‍රශ්න ටික දැන් ඔළුවේ කොහේවත් තිබ්බද කියලා මතකත් නැති කොට.....

නිසංසල කවක්! Where stories live. Discover now