25 වන කොටස

128 22 17
                                    

" කේන්දරේ අතට ගත්ත ගමන් මං හිනා උනේ නිකන් කියලද හිතුවෙ ශාක්‍ය "

" Excuse me mister .. ඔයා සාත්තර බලනව ද ? හරි අපි කියමු ඔයා ශාක්‍යගෙ කේන්දරේ මොකද්ද කියලා හොයාගත්තා.. ඒත් මේ reborn කෙනා කියලා අදුරගන්න මේකගෙ කේන්ද⁣රේ බැලුවෙ නෑනෙ.."

මොවිදු ගහගන්න වගේ ඇහුවම පොඩි අයියා උගෙ කකුල පාගනවා මං බලාගෙන.

" ශාක්‍යට මතකද කියන්න මං දන්නෑ.. හැබැයි ඔයා අපෙ සීය එක්ක මේ ගැන මාසෙකට වඩා දේවල් හෙව්වා කතා කරා.. ඒ හැමදේකදිම ඔයාට උදව් කරේ මම.. අනුර අයියට මතක නැතුවැති එච්චර ඒ ගැන. අනික මෙමෝරියල් බුක් එක කාටවත් බලන්න බැරි වෙන්න ලොක් කරමු කියලා යෝජනා කරේ මම.. ශාක්‍යටම මතක් වෙලා හොයන් ආවොත් මිසක මේක එළියට එන්න විදිහක් තියෙන්න බෑ . "

Mr. ඉදුනිල් කියවගෙන යද්දි මං බිරන්ත වෙලා බලන් ඉදියා.. ඒත් ඒ වගක් මට මතක නෑ. අනුජ් එක්ක කිසිම දෙයක් මතක නැති මට ඕක අමතක වෙන එක සාධාරණයි.

" මෙතන හිතනවට වඩා දෙයක් තියනවා.. අනුජ් ආයෙ එකට ඉපදෙන්න ප්‍රාර්ථනා කරාට අනුජ්ගෙම හොදට ශාක්‍යට ඕනි ඒකෙ අනිත් පැත්ත. දෙන්නා පරස්පර විරෝධී ප්‍රාර්ථනා කරොත් ප්‍රථිඵලේ පනහ පනහ එකතු වෙලා ලැබෙන්නෙ ඒ කියන්නෙ එක්කො එකතු වෙලා වෙන් වෙනවා.. නැත්නම් එකට ඉන්න වැඩි කාලයක් නොවෙද්දි දෙන්නා එකතු වෙනවා.. හැබැයි මෙතන මොකක් වෙයිද කියලා කියන්න නම් මට ශාක්‍යගෙ මේ ආත්මෙ වෙලාව ඕන.. "

මොවිදුයි මායි පොඩි අයියයි තුන්දෙනාම නිරුත්තර වෙලා ඉදියෙ. මොවිදු සුදු මැලි වෙලා.. මගෙ කටහඩ එළියට එන්නෑ උගුර වේලිලා ගිහින්. බැරිම තැන අපි මං ඉපදුන වෙලාව කියලා බලන් හිටියෙ ඊළඟට මොකද වෙන්නෙ කියලා. පැය බාගෙකට විතර පස්සෙ mr. ඉදුනිල් අපි දිහා බැලුවෙ බැරෑරුම් මූණක් මවාගෙන.

" මං හිතපු දේම වෙලා තියෙනවා.. අනුජ් හොදක් කරන්න අවදානමක් ගත්තා ආගමේ හැටියටම කිව්වොත් ඔතන පවක් එකතුවෙලා නැත්ව නෙවි.. ඒ නිසා ප්‍රාර්ථනාවෙ ශාක්‍යගෙ පැත්ත බර වෙනවා වැඩි.. අනික ඊට වඩා මෙතන ලොකු පටලැවිල්ලක් තියෙනවා.. ශාක්‍යගෙ මේ ආත්මෙ උපන්දවස අනුජ්ගෙ උපන් වෙලාව එක්ක ගැලපෙනවා .. වැරදිලාවත් අනුජ්ගෙ මේ ආත්මෙ උපන්දවස ශාක්‍ය මැරුන දවසෙ නැකත උනොත් .."

𝑩𝒍𝒐𝒐𝒎𝒊𝒏𝒈 𝑭𝒍𝒐𝒘𝒆𝒓𝒔 | non ffWhere stories live. Discover now