3 කොටස

887 79 6
                                    


" ලමයි හැමෝම ඉදගන්නකෝ "

අපි හිටියේ ක්ලාස් එකේ කයියක් දාගෙන.. නයෝමි මිස්ගේ කටහඩ ඇහිලා අපි හොද ලමයි ටික වගේ හරියට පුටුවලින් ඉදගෙන හ්ම් සද්දයක් නැතුව හිටියා.. නයෝමි මිස් කියනවනම් පණ උනත් දෙන්න තමා දොලහ ආට් ඒ එක ඉන්නෙ.. ඒත් පන්තිය ඇතුලට ආව කෙනා දැකලා ලමයි ඔක්කොම කසුකුසු ගාන්න ගත්තා..

" ලමයි සූර්‍යකාන්ති මැඩම්ට ආයුබෝවන් කියන්න "

නයෝමි මිස්ට බැණුම් අස්සවන්න බැරි නිසා අපි ඔක්කොම නැගිටලා සූර්‍යකාන්ති මැඩම්‍ට ආචාර කරා..

" ආයුබෝවන් විදුහල්පති මෑණියණි ඔබට සුභ දවසක් වේවා"

මොකටද දන්නෑ ඇවිත් තියෙන්නෙ මල හොල්මන.. සූර්‍යකාන්ති මැඩම් කියන්නෙ අපිට මැඩම්ලගෙන් පේන්නම බැරි මැඩම්.. වටේටම හොද මූණ පෙන්නං හිටියට පට්ට නපුරුයි.. දැන් දත් බොල්ලෑව එලියට දාන් ඉන්නවා.. ඕකිගේ දත් සෙට් එකේ ඉදන්ම බොරු.. දවසක් ඉස්කෝලෙන් පනිනකොට හෙඩ් ඔෆිස් එක පිටිපස්සට වෙලා බොරු දත් සෙට් එක වට්ටන් හොය හොය ඉන්නව මගෙයි ෆරුකයගෙයි අතටම මාට්ටු..

" බලපම්කෝ බොරු දත් සෙට් එක දාන් ඇත්ත දත් ටික වගේ තියන් ඉන්න හැටි "

මගේ එහා පැත්තෙ හිටිය ෆරුකය මගෙ කනට කරලා කිව්ව.. ඕන් ඉතින් දැන් උටත් හිනාව නවත්තගන්න බෑ මටත් හිනාව නවත්තගන්න බෑ..

" ක්-කට වහග්ගනිම් යකෝ "

මන් හිනාව පාලනේ කරන් ෆරුකයට කිව්වම ඌ මගේ පිටිපස්සෙ හැංගිලා හැක හැක ගගා හිනාවෙන්න ගත්තා.. අනේ අම්මපා මූ නම්..

" ලමයි ඔයාලට විශේශ දෙයක් කියන්න තියෙනවා.. දන්නවනේ මේ පාර අපේ ඉස්කෝලේ අවුරුදු උත්සවයක් තියෙනවා.. ඒකට මේ පාර ඒලෙවල් කරන්න ඉන්න ලමයි සහභාගි උනත් මේක සංවිධානය කරන්න එයාලට භාර දෙන්න එපා කියලා කිව්ව මොකද එයාලට ඒලෙවල්ස් නිසා.. ඉතින් මේ දොලහා වසරේ අය තමා මේක සංවිධානේ කරන්න ඕනේ දොලහෙත් ආට් එකෙන් තමා තෝරගන්න හැදුවේ අනිත් බයෝ මැත්ස් කොමස් එව්ව වල ලමයින්ට පාඩම් කරන්න තියෙනවානේ..."

සීතල කුසුම් | COLD FLOWERS | BL ✔️Where stories live. Discover now