26 කොටස

457 48 1
                                    


" අයියෙ මේ පැත්තේ තියෙනවද දන්සැල් අපේ පැත්තෙ නම් දෙක තුනක්ම තියෙනවා "

" මෙහෙත් තියෙනවා බන් "

මන් බත් බෙදාගන්න ගමන් කිව්වා.. හෙට වෙසක් අද මායි තාත්තයි තේව් නුවි අපි හතර දෙනා පන්සල් ගිහින් ආව පෝය දවසට පන්සලේ ඇගිල්ලක් ගහන්න ඉඩ නෑ.. සෙනග හෙනට.. ඒත් මට අයාන් එක්ක පන්සල් යන්න ඕනේ.. හෙට දන්සල් ගොඩක් තියෙනවා මේ පැත්තේ.. මන් කෑම බෙදාගෙන මේසෙන් ඉදගත්තා.. තාත්තට නම් හදිසි ඔපරේශන් එකක් වැටිලා පැයකට විතර කලින් ගියා.. තේව් තාත්තා එක්කම කාපු නිසා ඌ උඩට ගියා.. මන් නුවී නංගි එක්ක බත් කෑවා.. වෙලාව අටට විතර ඇති..

" මේ මාත් එන්නම් ඔයාල එක්ක දන්සල් කන්න යන්න.. "

" හ්ම්ම් අපිත් එක්ක තව කෙල්ලො තුන් දෙනෙකුත් එයි එනවනම් උබත් වරෙන් "

" සෝක් "

මන් නුවී එක්ක කාල ටීවී එකත් ටිකක් බලලා නිදාගන්න ගියා.. තාත්ත එකොලහට විතර ආව.. තාත්තගේ කාමරේ නුවීට දීලා තාත්තා තේව් එක්ක නිදාගත්තා.. එයා කොහොමත් මගේ කාමරේ නිදාගන්නෙ නෑ.. මන් රෑ එකොලහට විතර ඇග හෝදගත්තා.. අද දවස දුක සතුට දෙකම තිබ්බ දවසක් මන් ඇස් වහන් නිදාගන්න හැදුවත් නින්ද අහලකවත් නෑ.. මට මතක් උනේ අයාන්වා මට හිතෙන්නෙම ඌට ඕන වෙලාවෙ මම ඌ ලගින් හිටියේ නෑ වගේ.. අනේ මන්දා මට මහ අමුතු දුකක් දැනෙනවා.. ඒ කොල්ල මට පෙන්නන හිනාව අස්සෙ කොච්චර දුකක් හැංගිලා තියෙනවද.. මන් දොලහා එක වෙනකම් ඉන්න ඇති ඇදේ එහෙට මෙහෙට පෙරලි පෙරලි මට ඇහුනා ෆෝන් එක වයිබ්‍රේට් වෙනවා.. මේ යක්කු ගස් නගින වෙලාවෙ මොකාද කතා කරන්නෙ..

" අයාන් මොකද මේ වෙලාවෙ ?"

" මට ඔයාව මතක් උනා "

" පිස්සුද ඌරො නිදාගන්නවා ෆෝන් එක තියලා "

සීතල කුසුම් | COLD FLOWERS | BL ✔️Where stories live. Discover now