15 කොටස

607 61 6
                                    


" අයියෝ ඕක හරියන්නෙ නෑ බන්.. ඔය මගුල පැත්තකට දාපම්.. මන් මීමැස්මොරේ හැදිලා වගේ නටනවා උබ කෑ ගහලා මාව එක්කන් පලයන් හරිනේ.. "

උදේ රැස්වීමේ කරවෙන අවුවෙ හිටන් හිටිය මායි ෆරුකයයි කොහොමහරි එතනින් පැනගන්න ප්ලෑනක් ගැහුවා.. උදේ රැස්වීමට ගොඩක් එවුන් බොරු ලෙඩ කියලා යන නිසා නිකම් ඔලුවේ කැක්කුම් බඩේ අමාරුවලට නර්සින් රූම් යන්න දුන්නෑ.. හැම සදුදම කියෝන බනේ අදත් කියෝනවා මහ වදයක් රෙද්ද.. ඒක නිසා මූට තාත්ත්වික රංගනයක් කරන්න කිව්වා.. අනේ ඇත්තමයි.. වතුර කටේ දාන් මේ මී හරකා වමනේ කරනවා වගේ රගපාන්න හදනවා.. අනේ ඕන ගොනෙක්ට තේරෙනවා මුගෙ කටේ වතුර තියෙන්නෙ කියලා.. මන් ගේමට බැස්සා.. මීමැස්මොරේ සීන් එක අනිවා හරියන්න ඕනේ..

" මීමැස්මොරේ සැර වැඩි නැද්ද බන් ?"

" නෑ නෑ උබ මන් වැටෙනකොට අල්ලහන්කෝ.. හැබැයි වට්ටලා පස්ස තැලුවොත් තොගෙ පුක ගලක තියලා තලනවා හොදේ "

" හරි හරි එල මගේ අත උඩට වැටියන්.. හරිනේ එකයි දෙකයි තුනයි "

අපි හිටියේ දොලහ වසරේ පෝලිමේ පිටිපස්සෙම.. ෆරුකයගෙ කවුන්ට් එකට මම මගේ රංගනේ පටන් ගත්තා.. අපරාදේ කියන්න බෑ මූත් එලටම රග පෑවා.. ෆරුකයා මහ හයියෙන් කෑ ගහන්න ගත්තා.. මන් ටික වෙලාවක් ගැහි ගැහි ඉදලා එහෙම්මම සිහිය නැතුව වැටුණා.. මට තේරුණා මොකෙක් හරි එකෙක් මාව කරට ගන්නවා..

" මේක දෙන්න බොන්න මෙයා නැගිට්ටම "

නර්ස් අක්ක කෙනෙක්ගේ කටහඩ මට ඇහුණා.. දොරත් ලොක් උනා.. හරි ඩ්‍රාමා එක ඉවරයි..

" ෆරුක- ඔයා "

මල හත්තිලව්වයි.. මොකක් මේ අයාන්නෙ එතකොට මාව නර්සින් රූම් එකට එක්කන් ආව ෆරුකයා කෝ.. ඒ කියන්නෙ මූද මාව එක්කන් ආවෙ.

සීතල කුසුම් | COLD FLOWERS | BL ✔️Where stories live. Discover now