23 කොටස

534 51 2
                                    

"මේ ටික ඇතිනේ බන් "

" කූඩු කීයක්ද ?"

" දහයයි "

" ඇති ඇති "

මායි ෆරුකයයි රාජයි අයානුයි උණ බට කපාගෙන ආයෙ ෆරුක්ගේ ගෙදරට ආව.. උන්ගේ ගෙදර මිදුලේ අපි උණ බට කපන්න ගත්ත..

" වෙසක් එකට මේ පාර හෙනට දන්සල් තියෙනවා බන්.. කන්න තියෙන්නෙ බඩ පැලෙන්න "

" අනේ අනේ ඔව් මට ආම්නා කිව්ව උබ දන්සල් දෙකක් වැදලා පතබෑවුනා කියලා.. "

" ඕකි නම් මාව කන්නම ආව ගෙම්බියෙක්... නෑ බන් එදා සෙට් උනේ බත් දන්සල් දෙකක් බඩජාරිකමට පිගන් දෙක තුනක් කෑවා කොහේ යන්නද ඉතුරු ටික බඩ උස්සගන්න බැරි උනා පම්කෝ "

" මේ පාරත් වරෙන්කො උබව දාල අපි යනවා "

මන් ෆරුකයා කපන උණ බට එක එක මට්ටං කලා.. අයාන් නම් හුම් සද්දයක් නෑ උණ බට කපනවා.. රාජා මල්ලි ඌ කපන උණ බට මට්ටං කරනවා..

" අහ්හ් හාකො.. මේ පාර උබේ අර නෑදෑ නංගි පොඩ්ඩ ආවෙ නැනේ.. කොයි වෙලෙත් උබේ ඇගේ එල්ලෙන්නෙ.. මොකද්ද නම අහ්හ් නුවි.. "

" ප්-පිස්සුද බන් ඒකිගේ හැටි "

මොන රෙද්දක්ද මාර වෙලාවෙ මූත් මේව ඇදලා ගන්නෙ.. හරි හරි ඉතින් මන් ඒකිට කැමැත්තෙන් හිටියා ඇත්ත.. ඒත් දැන් මන් පිලිවෙලක් වෙලානෙ ඉන්නෙ උට්ට..

" අනේ උබත් ඒකිට කැමැත්තෙන්නේ හිටියේ "

හරිනේ ඔය කරේ හපන්කමක් මාව මරලා කාපන් මීට වඩා හොදයි.. මම ඇස් කොනෙන් දැක්ක අයාන් මලයා උණ බටේ කපන එක පැත්තක තියලා ෆරුකයා දිහා බලන් ඉන්නවා.. හරිම උනන්දුයි ඒ වගේ එව්ව අහගන්න..

සීතල කුසුම් | COLD FLOWERS | BL ✔️Where stories live. Discover now