35🍇

214 35 11
                                    

ශොපින්ග් මෝල් එකට ඇවිත් අඩි දෙකක් යන්න උන්නෑ එකපාරටම ශොපින්ග් මෝල් එකේ හිටපු ටයි කෝට් දාපු බැලූ බැල්මට මැනේජර් කෙනෙක් කියන්න පුලුවන් කෙනෙකුයි තව ලේඩී එම්ප්ප්ලෝයිස්ලා දෙන්නෙකුයි දුවගෙන ඇවිත් මට බෝව් කළේ මාව මොහොතකට පුදුමෙන් පුරවන ගමන්...

ඕ ගෝශ් මේ මොකද...

මට හිතල ඉවරකරන්න උනෙත් නෑ මන් හිතුව දේ ඇහිල වගේ අර මැනේජර් කෙනෙක් වගේ පෙවුනු කෙනා කතා කරන්න ගත්තා...

"වෙල්කම් මෑම්...මෑම් අද එනව කියල දන්නව නම් අපි මෑම්ව පිළිගන්න ඉස්සරහටම එනවා...

ඒ කෙනා කිව්වේ ලොකු ගව්‍ර්වයක් පිරුණු හඩකින්...

වෙයිට් වට්?...එතකොට මෙයාලා කස්ටමර්ස්ලා පිළිගන්නෙ එළියටම ගිහින්ද🙄...නැත්නම් අද මේක ඕපන් කරපු දවස නිසාවත් එහෙම කරනවද දන්නෑ...

"අ...ආ ඉට්ස් ඕකේ...

හිනාවෙලා කිව්ව මන් එයාලව මගෑරලා යන්න හදද්දි ආයිත් ඒ තුන් දෙනා මන් ඉස්සරහට ආවේ මගෙ පාර හරස් කරන ගමන්...

"ඇ...ඇයි?...

"මෑම් මෑම්‍ට ඕනි මොන ක්ලෝතින් ස්ටෝ එකට යන්නද?...

ඒ මැනේජර් වගේ කෙනා ඇහුවේ යටහත් පහත් හඩකින්...

"අ...කම්ෆි එකට...

හිතේ යන්නෙ මොන ස්ටෝ එකටද කියල අයිඩියා එකක් තිබ්බෙ නැතත් මන් නිකන් කටට ආපු නිසා කිව්වා...

"ඕකේ මෑම් එන්න...මන් පෙන්නන්නම්...

ඒ කෙනා කෙළින්ම මාව සෙකන්ඩ් ෆ්ලෝ එකේ තිබ්බ කම්ෆි ස්ටෝ එකට එක්කන් ඇවිත් යන්න ගියේ මොනවහරි දෙයක් ඕනි නම් එයාට කතා කරන්න කියලත් කියලා...

හැබැයි හොද කස්ටමර් සර්විස් එකක් නම් තියනව වගේ මෙහෙ...කස්ටමර් ඉස් කින්ග් කියන එක ඔලුවට අරන්ම වැඩ කරන අය වගේ ඉන්නෙ මේකෙ...

මන් හිතින් හිතාම ලස්සන ෆ්‍රොක්ස් ටිකක් තිබ්බ තැනකට ඇවිත් ෆ්‍රොක් එකක් තෝරන්න ගත්තා...එච්චර කස්ටමර් සර්විස් එකකුත් දීලා නිකන් අත වන වනා එළියට යන්නත් බෑනෙ ඉතින්...

"මෑම් මෑම්ට බොන්න මොනවහරි ඕනිද?..මෑම්ට ඕනි නම් කියන්න...මන් ඉක්මනින්ම ගෙනත් දෙන්නම්...

||Mr.Mine||(PJM)  [Sinhala ff]Where stories live. Discover now