42🍇

319 45 8
                                    

දැන් නම් පැය භාගයක් යනකන්කන්වත් රූම් එකට යන්නෑ කියල හිතල මග් එක තියන්න කිචන් අයිලන්ඩ් එකෙන් බැස්සා විතරයි ආයෙමත් සැරයක් තාරාවා මන් ඉස්සරහ🥲...

"අජුම්මලා අද රෑට අපි දෙන්නට උයන්න එපා...ඒ වගේම හෙටයි අනිද්දටයි ඔයාලට ගෙවල් වලට ගිහින් එන්න පුලුවන්...මොකද මායි වයිෆුයි අද ට්‍රිප් එකක් යනවා ජේජු වලට ඒකයි...

අජුම්මලා දිහා බලලා ලා හිනාවක් දාලා කිව්ව තාරාවා මන් දිහා මූණ හරවලා කට කොනින් ප්ලේෆුල් හිනාවක් දාලා ඇහැකුත් ගහලා එක අතක් එයා ඇදන් හිටපු ඔෆිස් පෑන්ට් එකේ සාක්කුවකට දාගෙන කිචන් එකෙන් එළියට ගියා...

ඔහ් ශිට්🙂...ඒ මොකක්ද එයා කළේ🥲...ආයිශ් දැන් නම් ශුවර් එකට මගෙ කම්මුල් දෙක රතුවෙලා ඇති...අනේ ඇත්තමයි මේ තාරාවා නිසා මට දැන් ඉස්සරහ එයා ඉස්සරහ මාස්ක් දාන් තමයි ඉන්න වෙන්නේ මේ යන විදිහට...

එයා කිචන් එකෙන් යන දිහා බලන් හාට් එකත් අසූ හාරදාහට ගැහෙන අස්සෙම හිතින් හිතපු මන් ඉක්මන්ට මගෙ මග් එකත් උස්සන් මග් රැක් එක දිහාට ආවේ මගෙ දැන්ටමත් රත් වෙලා තිබ්බ කම්මුල් අජුම්මලා දකී කියලා ලැජ්ජාවෙන්...
.

.

.
අපි කොහොමින් කොහොමහරි හවස හතර හමාර වෙද්දි ලෑස්තිවෙලා එහෙම මැන්ශන් එකෙන් පිටවුනා...මොකද යන්නත් පැය දෙකක් විතර යන නිසා ඉක්මන්ට යන්නත් ඕනිනෙ...තාරාවා ගිහින් හොටෙල් එකෙන් ඇදුන් මාරු කරන් යන්න පුලුවන් කිව්ව නිසා මන් පාටි ෆ්‍රොක් එක අදින්නැතුව රෙඩ් කලර් ඕෆ් ශෝල්ඩර් ටොප් එකකට වයිට් කලර් ශෝට් පෑන්ට් එකක් ඉන් කරල ඇන්දේ...තාරාවත් ගිහින්ම ලෑස්තිවෙන්න පුලුවන් නිසා වෙන්නැති එයත් ඇදල තිබ්බෙ වයිට් කලර් ශෝට් එකකුයි සැහැල්ලු ආම්කට් වයිට් කලර් රෙද්දෙ බ්ලූ කලර් ආට් එකක් ගිය ශර්ට් එකක්...බොරු කියන්න ඕන්නෑ එයා ඒක ඇදලා එයාගෙ බ්ලැක් කලර් සන්ග්ලාස් එක දාන් ඩ්‍රයිව් කරද්දි එයා මරම හොට්🙂...ආයිශ් ඒ අස්සෙ ආයිත් හාට් එක අසූ හාරදාහට ගැහෙනවත් එක්ක...කෝකටත් කියලා ශීට් එකට හේත්තුවක් දාගෙන නින්දක් දැම්මා නම් හරි...නැත්නම් එයා ඩ්‍රයිව් කරන දිහා හොරෙන් බලන්න ගිහින් අහු උනොත් එහෙම තවත් එකක්...

||Mr.Mine||(PJM)  [Sinhala ff]Where stories live. Discover now