43🍇

462 53 25
                                    

ඉස්සෙල්ල බැල්කනි එකේදි උනු සිද්ධියෙන් පස්සෙ එයයි මායි අතරෙ කිසි කතාවක් උන්නෑ...එකපාරටම හිතේ වේදනාවට එයාගෙ මූණටම කිව්ව දේවල් ගැන මගෙ හිතට අවුල් ගතියක් තිබ්බත් මට ඕනි උන්නෑ එයාගෙන් සමාව ඉල්ලන්න...මොකද මේ වෙලාවෙ මට ඕනි උනු එකම දේ උනේ එයාගෙන් ටිකක් හරි ඈත් වෙලා ඉන්න...

එයා වොශ් එකක් එහෙම දාලා ඇවිත් රූම් එකේ ඉදන් ඇදුම් අදින අස්සෙ මන් වොශ් එකක් එහෙම දාලා වොශ්රූම් එකේ ඉදන්ම ඇදුම් මාරු කරගත්තා...හීනි උරහිස් පටි තියන වයිට් කලර් රෙද්දෙ රෙඩ් රෝසස් ආට් එකක් ගිය ඉලගන්ට් දිග ෆ්‍රොක් එකක් මන් ඇන්දේ...බොරු කියන්න ඕන්නෑ ඒ ෆ්‍රොක් එක ඇදලා ෆ්‍රොක් එකට මැච් වෙන්න රෙඩ් කලර් ලිප්ස්ටික් එකක් ගාලා ලයිට් ඉලගන්ට් මේකප් එකක් දාලා එහෙම කොන්ඩෙ කඩා දාලා පැත්තකින් බෙදලා එක පැත්තකින් ඉස්සරහට දාගත්තම මගෙ ලුක් එකට ලැබුනේ අමුතුම ඉලගන්ට් ඇට්‍රෑක්ටිව් ලුක් එකක්...

මේකප් දාලා ඇදුනුත් ඇදන් ඒ වැඩ ටික කරගත්තට පස්සෙ මන් වොශ්රූම් එකෙන් එළියට එද්දි ඔප්පා ඉන්නවා ලෑස්තිවෙලා එහෙම මිරර් ටේබල් එක ඉස්සරහට වෙලා වොච් එකක් අතේ බැද බැද...

මන් වොශ්රූම් එකේ ඩෝ එක ඇරියා ඇහිලද කොහෙද එයා නෝර්මල් එකේ මන් දිහා මූණ ලාවට හරවලා බැලුවා උනත් මාව දැක්කත් එයාගෙ ඇස් මොහොතකට ගැස්සිලා ගියේ මන් බලා ඉද්දිමයි...ඒත් එක්කම ෆ්‍රීස් වෙලා වගේ බැල්මකින් මගෙ උඩ ඉදන් පහළට බලන් ගිය එයා ආයිත් මගෙ ඇස් දෙක දිහා බැලුවේ nervous වෙලා වගේ බැල්මකින්...අනේ මන්දා ඇයි කියන්න ඒ ටිකට එයාගෙ කම්මුල් දෙකත් ලාවට රතු උනා වගේ මන් දැක්කේ...සමහරවිට මන් හිතනව වැඩි ඇති...

එයා මන් දිහා බලපු විදිහට ඇත්තටම මට ලැජ්ජ හිතුනු නිසා මන් ඉක්මන්ට එයාගෙ ඇස් මගෑරලා ඇවිත් එයාට පිටුපාලා බෙඩ් එකේ වාඩිවෙලා බෙඩ් එක ගාව බිම මන් ලෑස්ති කරල ගිය රෙඩ් කලර් හීල්ස් දෙකෙන් එකක් අතට ගත්තේ පුලුවන් තරම් හිත අස්සෙ නළියන හැගීම් යටපත් කරගන්න උත්සාහ කරන අස්සෙමයි...

"ඔයා ලෑස්ති නම් අපි යන්ද?...හොබී කෝල් කරල කිව්වා එයාලා හොටෙල් එකට ආවා කියලා...

||Mr.Mine||(PJM)  [Sinhala ff]Where stories live. Discover now