31 වන කොටස

69 15 17
                                    

" ඇයි මේ රෑම යන්න දාගත්තෙ.. අනික මීදුමත්නෙ "

නුවරඑළියෙන් හවස පිටත් වෙනවට තුරුල්ගෙ එච්චර කැමැත්තක් තිබුණෙ නෑ. මොකද මීදුම වැඩියි වංගු පාරක යන්න තියෙන්නෙ නින්ද ගියොත් ඔක්කොටම වඩා ඉවරයි.

" උදේට යන්න ගියොත් දවසෙන් බාගයක් ඉවරයි.. එතකොට ගමන් මහන්සියට පලවෙනි දවසම ඉවරයි.. ඊටපස්සෙ දෙවනි දවසෙ වරුවයි ඇවිදින්න වෙන්නෙ හවසට ආයෙ එන්න ඕනෙ "

" හ්ම් "

තුරුල් පොඩි කාලෙ උන ඇක්සිඩන්ට් එක නිසා වාහන වල ගමන් බිමන් යන්න බයයි. නුවරඑළියට ගියත් හරි ඔය එහෙන් එළියට එක්කන් යන පලවෙනි පාර.. චනුවා පැහැසි මොවිදු තුන්දෙනා ඇතිවෙන්න ට්‍රැවල් කරල තියෙනවා.. මායි තේෂුයිත් මේ පලවෙනි පාර ට්‍රැවල් කරන.. ගෙදර ඉන්නකන් මං ට්‍රිප් එකක් ගියේ එකපාරයි .. ඒ පාරත් නුවරඑළි ගිහින් කොල්ලෙක් එක්ක පැනලා යන්න ගියා කියලා මාව යන යන තැන ගෙදර දමලා ගියේ පස්සෙ පස්සෙ..

" මේ group call එකක්.. "

තුරුල් මට පෙන්නුවෙ ෆෝන් එක.  ඩ්‍රයිව් කරන ගමන් කෝල් ආන්ස්වර් කරන්න බැරි නිසා මං තුරුල්ට කෝල් එක ආන්ස්වර් කරලා ස්පීකර් දාන්න කිව්වා..

" ඕයි.. මත්තලින් හයිවේ දාලා මාතරින් එක්සිට් වෙමුද.. ලේසිනේ."

චනුසද අහන පරක්කුවටම කෑ ගැහුවෙ මොවිදු..

" එපා යකෝ.. හම්බන්තොට ෆ්ලයි ඕවර් එකෙන් යන් බලන්න තැනක් තියේ.. මෙතන ටුවර් ගයිඩ් මං හරිද.. මං කියන විදිහට යමන් එච්චරයි.. "

තව කවර කතාද මුදුනට තැන දීලා අපි සද්ද නැතුව හිටියා..

" මොවිදු මාතර සයිඩ් එක ගැන ඔච්චර දන්නෙ කෝමද.. ? "

" උන්ගෙ තාත්තලාගෙ ගම තංගල්ල.. "

" ආහ්.. "

එහෙම කියලා තුරුල් ඇස් දෙක පියාගත්තෙ කටත් තද කරගෙන..

" ඇයි අමාරුද ? "

" ටිකක්.. "

" හරි මිනිස්සු එක්ක ට්‍රිප් ආවෙ.. "

" ඇයි වදේ අනේ.. මං ඔය උසවල් වලට පල්ලම් පාරවල් වලට බය වග දන්නැද්ද "

𝑩𝒍𝒐𝒐𝒎𝒊𝒏𝒈 𝑭𝒍𝒐𝒘𝒆𝒓𝒔 | non ffWhere stories live. Discover now