🍁4 වන කොටස 🍁

105 24 52
                                    


ධීර් pov


මම කොල්ලට කොච්චර කතා කලත් කිසිම උත්තරයක් නැති වුණ නිසා ‌මුලින්ම  එයාගේ අතේ නාඩි බලලා ඒක සනාථ කර කරගෙන ඊලගට කෙලින්ම ගිහින් බෑග් එකෙන් මගේ බොට්ල් එක අරන් ඇවිත් ඒකෙන් වතුර ටිකක් අරන් කොල්ලගේ මූනට ඉස්සා. ටිකක් වෙලා යද්දි සිහිය ආපු නිසා කොල්ලා අමාරුවෙන් කෙදිරිගාගෙන නැගිටලා ඇස් ඇරලා වටපිට බලන්න ගත්තා.  මට මගේ පපුව හිරවෙනවා වගේ දැනුනේ මෙච්චර කාලයක් දුරින් ඉදන් එයාව පරිස්සම් කලත් අනපේක්ෂිත විදිහට සිද්ධවුන දෙයක් නිසා ‌එයා දැන් ඉන්න විදිහ දැකලා මට ලොකු පසුතැවීමක් ඇතිවෙද්දි. මම දැක්කා කොල්ලගේ ඇස් බයෙන් වගේම කලබලෙන් කාමරේ පුරාම දිව යනවා . මම එයාගේ ලගට ගිහින් මගේ අතේ තිබ්බ වතුර බෝතලේ එයාට දුන්නා.

" අව්‍යාන්, Just relax. මුලින්ම වතුර ටිකක් බීලා ඉන්නකෝ හොද ළමයා වගේ. මම දන්නේ නෑ මෙතන මොකද්ද සිද්ධ වුනේ කියලා. ඒත් මට හිතෙන විදිහට නම් මොකක්හරි නරක දෙයක් තමයි වෙලා තියෙන්නේ. "


මම කියපු පමාවට කොල්ලා මගේ අතින් වතුර බෝතලේ අරගෙන ඒක උගුරට හිස් කරලා දැම්මා. එයා වතුර බොනකන් මම හැදුවේ ගිහින් මියුසික් රූම් එකේ දොර වහලා එන්න වුනත් මම එතනින් යන්න අනිත් පැත්ත හැරෙද්දිම වගේ කොල්ලා මගේ අතේ මැණික්කටුව හරියෙන් තද කරලා අල්ලගත්තේ මට එතනින් අඩියක් වත් හොලවන්න බැරිවෙන්න.


 ‟ අව්‍යාන්, ඇයි මේ "

 ‟ මාව දාලා යන්න එපා. කොහෙවත් යන්න එ...ප්පා.... මට ඒක දරාගන්..නන.. බෑ.. ඔ..වුවු...ම..ටට..බෑ.....ඒ..ක ගො..ඩ..ක්.. රිදෙ..නන..වා. අ..නේ.. please...... "

 ‟ ෂ්..ෂ්.. දරුවෝ, ඇයි මේ අඩන්නේ ම්... මේ බලන්නකෝ මම ඔයාව දාලා කොහෙවත් යන්නේ නෑ. මම ඔයත් එක්කම ඉන්නවා හරිද? ඉන්නකෝ මම ගිහින් අර දොර වහලා එන්නම් හරිද? ම් "

 ‟ හ්ම්ම්........ "


එයා වතුර බීලා ඉවර වුනාම මම එයාව වත්තන් කරන් ඇවිත් එතන තිබුනු පුටුවෙන් වාඩි ‌කලත් එයා අනිත් පැත්තට නැගිටලා මාව පුටුවෙන් වාඩිකෙරෙව්වේ එයාව උකුලට ගන්න කියලා මටත් ඉගි කරන ගමන්.

සදා නුඹ මගේ (Sinhala bl non fiction ) - ongoingWhere stories live. Discover now