🌸 ස කු රා 🌸
..
..
..
..
හරි.. කෝ මගෙ පැටියා.. බලන්න අප්පච්චී දිහා.. කෝ ඉතින්....
අනේ දෙයියනේ අහපු දේවල් එක්ක මන් කොහොමද ගල් ගෙඩියක් වගේ ඉන්නෙ තවත්.. මගෙ පපුව නොසෑහෙන්න ඇදුම් කනවා.. මට දැනෙන්නෙ මේ ලෝකේ කාටවත් කියාගන්න බැරි තරම් වේදනාවක්...
විරහව..
නෑ මන් එහෙම මගුලක් ගැන දන්නෙත් නෑ.. දැනගෙන ඉදලත් නෑ.. මේ යන විදියට කවදාවත්ම මට ඒක දැනෙන එකකුත් නෑ...
මට දැනෙන්නෙ වෙනමම දුකක්... දෙයියනේ මන් ඉස්කෝලේ නවය වසරේ ඉන්නැද්දි කියන්නෙ මන් කොච්චර පොඩි කොල්ලෙක්ද... ඒ කියන්නෙ මට අවුරුදු දා හතරක් වගේනේ.. දැන් මට අවුරුදු විස්සක් වෙලා තියෙන්නෙ.. දෙයි හාමුදුරුවනේ පොඩ්ඩක් කල්පනා කරන්න.. අවුරුදු හයක්.. අවුරුදු හයක් මනුස්සයෙක් කොහොමද මට ඒ විදියට ආදරේ කරේ...
අනේ අප්පච්චී එතකොට පොඩි එකෙක් නෙවෙයිනේ.. අප්පච්චීට නම් වයස අවුරුදු විසි එකක්.. එයා මට වඩා අවුරුදු හතක් වැඩිමල් මනුස්සයෙක්...
මන් එච්චර චූටී කොල්ලෙක් වෙද්දි එයා ලොකු කොල්ලෙක්.. එයාට කොහොමද මටම ඒ විදියට ආදරේ හිතුනේ...
බයික් එකේ තෙල් ටැංකියක් උඩ වාඩි වෙලා උන්න මටම ආදරේ උනේ ඇයි.. ඒ දර්ශනය කෙනෙක්ට ආදරයක් ඇති කරන්න පුලුවන් දර්ශනයක්ද...
මට දැනෙන හැගීම මන් කොහොමද වචන කරලා එලියට දාන්නෙ...
ඔව් මට ඇඩෙනවා.. මට ඒක නවත්ත ගන්න බෑ.. මන් ඒක නවත්තන්න උත්සහ කරන්නෙත් නෑ.. මට මගෙ හැගීම දිය කරලා හරි එලියට දාන්න ඕනේ...
මොකක්ද මේ උනේ.. මනුස්සයෙක් ඒ විදියට ආදරේ උනේ කොහොමද.. මට තේරෙන්නෙ නෑ... මට දැනෙනවා මන් තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කොල්ලා කියලා..
අද කාලේ ආදරේ කරන එකා වෙන් උනා කියලා බෙල්ල කපලා මරලා දාන කාලේ.. මගෙ අප්පච්චී මොකක්ද මේ කරලා තියෙන්නෙ...
අවුරුදු හයකට කලින් බයික් එකක තෙල් ටැංකියක් උඩ වාඩි වෙලා කට පුරවන් මොනවද කාපූ මන් වෙනුවෙන්... මගෙ නැන්දිට කතා කරන මුවාවෙන් මට කතා කරලා... මගෙ අවදානය ගන්න මගෙ නැන්දිට තෑගි දීලා.. මාව බලන්න ඕනා කියලා එයාලගෙ පන්තිය අස්සට මාව ගෙන්නගෙන... මාව බලන්න ඕන නිසා එයා නැන්දි යන දවසෙ මගටත් ඇවිල්ලා... එයා කොහොමද මෙහෙම කරේ...

YOU ARE READING
༺ සකුරා ༻ ZhanYi / BL ✓
Fanfictionසිහිනක් පසුපස හබායන ජීවිතේ ජය ගන්න වෙර දරන සුන්දර සකුරා දේශය පුරා දිවයන සකුරා වසන්තයකි මේ ආදරය... ZY - NON FICTION SCHOOL LOVE STORY LOVE AND ROMANCE HAPPY ENDING ❤️💚