34 වන කොටස

73 14 7
                                    

" හෙලෝ චූටි මල්ලි "

" අයියේ.. අපිට පොඩි හදිස්සියක් උනා එද්දි .. තේෂ්ව පැනික් උනා ⁣"

" දරුවෝ.. කොල්ලට මොකද උනේ.."

" තාත්තේ... මිනූලගෙ ගෙදර ගිය වෙලේ පොඩි ප්‍රශ්නයක් නිසා බහින්බස් උනා. ප්‍රෙෂර් එක දරාගන්න බැරුවද මන්ද මිනූව සිහිනැති උනානේ... first aids තියෙනවද දෙන්න ඕන.. "

මොවිදු මැදින් පැනලා එකදිගට කියවගෙන ගියත් කටහඩ වෙව්ලනවා බයටම..

" පුතා මේ අහගන්න පරිස්සමෙන් ... එයාට කතා කරලා සිහිය ගන්න බලන්න.. වතුර ගාලා සිහිය ගන්න හදන එකට වඩා අර විදිහ සාර්ථකයි..  එයාට කතා කර කර ඔයාලා ළඟ ඉන්නවා කියලා දැනෙන්න අරින්න... එයාගෙ යටි සිත කියන විදිහටයි මේ වගේ වෙලාවක වැඩ කරන්නෙ..  දන්නවනේ ඩිප්‍රෙස්ඩ් වෙලා ඉන්න කෙනෙක්ව පැනික් උනොත් කෝමා එකකටම යන්න පුළුවන් උපරිම උනොත්.. මොකද කාලයක් තිස්සෙ තෙරපලා තියාගත්ත feelings එක පාර උඩ මතුවෙද්දි එයාටම එයාගෙ පාලනේ ගිලිහෙනවා.. චූටි මල්ලී.. ?"

අයියා මොවිදුට උපදෙස් ටික දීලා ඉවර වෙලා මට කතා කරා..

" පැය  බාගෙකට මෙහා නුවරට එන්න.. ඔයාට සේෆ්ටි ඩ්‍රයිව් කරන්න  පුළුවන් උපරිම ස්පීඩ් එකේ එන්න..  ට්‍රැෆික් නැවැත්තුවොත් අනිත් කාර් දෙකෙන් එකකට නතර වෙලා මට ⁣කෝල් එකක් අරන් දෙන්න කියන්න..  මොනම හේතුවක් නිසාවත් කාර් එක නවත්තන්න එපා උපරිම ස්පීඩ් එන්න.. අපි ලෑස්ති වෙලා ඉන්නම් "

" හරි අයියේ.... "

" හයියෙන් අල්ලගන්න "

අයිය කිව්ව විදිහටම මට පාලනේ තියාගන්න පුළුවන් උපරිම ස්පීඩ් එකේ මං ආවා.. කොහොම උනත් පැය බාගෙට කලින් අපි නුවරට ආවා.. ඒ ⁣එනකොටත් තේෂ්ට සිහිය ඇවිත් තිබුණෙ නෑ .. අපි එද්දිත් අයියයි නිශා අක්කයි ගේට් එකත් ඇරන් බලාගෙන හිටියා.. කාර් එක නවත්තන්න උනෙත් නෑ මොවිදු තේෂ්වත් අත් දෙකට අරගෙන කාර් එකෙන් පැනලා ඉවරයි.. මොවිදු හැල්මෙම දිව්වෙ උඩ තට්ටුවට.. ඉන්නෙ කොහෙද කියලා මතක නෑ වාහන දාපු දාපු අතේ අපි හතර දෙනත් දිව්වෙ උඩට...  නිශා අක්කයි අය්යයි දෙන්නා ට්‍රීට්මන්ට්ස් පටන්ගත්තෙ අපි දොරකඩ ළඟට වෙලා බලන් ඉද්දි.. කාටවත් වචනයක් කතා කරගන්න තරම්වත් පනක් කදක් නෑ ..

𝑩𝒍𝒐𝒐𝒎𝒊𝒏𝒈 𝑭𝒍𝒐𝒘𝒆𝒓𝒔 | non ffWhere stories live. Discover now