-- Chapter 52 --

5 2 0
                                    

⚠️️ මෙතැන් සිට කතාවේ POV එක වෙනස් වේ.. Author POV වෙනුවට මම Seth Akashya ගේ POV එක සමගින් මෙය ලියමී.. ⚠️️

.

.

.

.

.

" නීල දෑසේ දුටුවා ඔබෙ පේ‍්‍රම ආලිංගයේ

ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත්සරේ

මාහදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා "

නුවර කොලඹ රූට් කියන්නේ ඉස්සර නම් එන්න කම්මැලී හිතුනු මහන්සී දැනුනු රූට් එකක් උනත් මොකද දැං සතියට දවස් තුනක් හතරක් නුවර කොලඹ රූට් එකේ උදේ හවස මම යනවා..මොන වැඩේ තිබුනත් මහන්සී උනත් නොයා ඉන්නේ කොහොමද , දෙමාපියෝ නැති වුණ දරුවෝ දෙන්නෙක්ට අම්මෙක් අප්පෙක් උන මිනිස්සූ නුවර ඉන්නකොට කොහොම නම් නොයා ඉන්නද , කාලය හරී ඉක්මනින් ගෙවිලා ගිහින්.. අප්පච්චී නැති වෙලා අවුරුදු විස්සක් වෙනකොට අම්මා නැති වෙලා අවුරුදු දහයක් වෙනවා.. කොහේ හෝ තැනක දැං ඒ දෙන්නා ඉපදිලත් ඇතී.. මට ප්‍රෝපෝසල් එක ගෙනල්ලා දැං මාස හයක් ගිහිල්ලා.. ආශාරී අම්මලා ආයේ බූසාන් යද්දී මට ජෝඩූ කරපූ මාගේ අහස්‍යා නුවර එයාගේ ලොකූ අම්මා ගාව නතර උනේ..අවූරුද්දක් ඇතුලේ අපි දෙන්නාට අපි දෙන්නා අදුර ගන්න වැඩිහිටියෝ අවසර දෙද්දී.. අහස්‍යා කියන්නේ මට වඩා වැඩිමල් කෙල්ලෙක්.. අවුරුදු හතරක් වැඩිමල් උනත් මොකද කෙල්ල තාම 18 කෑල්ල වගේ හුරුබුහුටි . මම වාගේම කතා අඩු හරිම Calm vibe එකක් ගේන කෙල්ලෙක්.. මම එයාව දැකලා ඇතී යාශාගේ ගෙදර එන හැම සැරේම හැබැයි පුදුම කාරණය නම් මම අහස්‍යා එක්ක වචන දහයක්වත් හරියට කතා නොකරපු මූණ නොබලපු කෙනෙක්.. අහස්‍යා එක්ක මට කතා කරන්න දුන්නූ පලවෙනි ඩෙට් එකේදීම මම එයාට මගේ health condition එක කිව්වා..සමහර විට මගේ වචන ගොඩක් Sharp ඇතී.ඒත් බොරුවෙන් බැදීම් පටන් ගන්න මම කැමති නෑ.. මේ මාස හයට එයා මාව අවුරුදු ගාණක ලගින් හිටියා වගේ තෙරුම් අරගෙන.. මම කෝල් කරනකම් එයා කොල් කරන් නෑ.. මම පලවෙනි දවසෙ එයාට නීති ගොඩක් දැම්මා.. අක්කා කෙනෙක් නිසාම මංදා ලාවට හිනා වෙවී එයා හැමදේම අහන් උන්නා..හොදම වැඩේ කියන්නේ එයා මගේ නම පෝන් එකේ සේව් කරන් ඉන්න විදිය දැකලා මට ආදරේ හිතූනා..

Eternal Euphoria  | JKWhere stories live. Discover now