69 කොටස🤍✨️

1.7K 257 453
                                    

"ආහ්....එපා වෙනවා බං....අදම මගුලක වැස්සකුත් පටන්ගත්තනෙ"

"කියලා වැඩක් නෑ......චූත් බරයි ඕයි.....නේත්‍ර,චූ දාන්න යංකො"

"චූචියගෙ එකෙන් නෙවෙයිනෙ උබ චූ දාන්නෙ? ගිහින් තනියම දාලා වරෙං"

"තනියම යන්න බෑ ඕයි වැස්සෙ"

"යං ආර්ය මම එන්නම්....."

"අනේ මේ චූචියො....පෙරේදා ඉදන් ලේන්සුවකුත් තියං උඩට ඇද ඇද නේද ඉන්නෙ? උබර් වැස්සෙ තෙමුනම ආසවගෙන් බැනුම් අහන්නෙ උබ නෙවෙයි මමනෙ"

"අඩෝ සිරාවට...ඒක අමතක උනානෙ මට....මම ගිහින් එන්නම්"

"මම එන්නද?"

"අනේ මේ! උබ එදත් ඇවිල්ලා දොරට ගහග ගහලා ඒක ඇරියා....යකෝ මම එවෙලෙ චූ දදා හිටියෙ! අසහනකාරයා"

"ඉතින් මම දන්නවයෑ පයින් පාරවල් දෙකක් ගැහුව ගමන් ඕක ඇරෙනවා කියලා! පලයං එහෙනම් තනියම"

"සිං ගාලා ගිහින් එන්නම් මම"

නේත්‍රටයි දිවාෂටයි කිව්ව ආර්ය කුඩේකුත් ඉහලගෙන පන්තියෙන් එලියට දුවගෙන ගියා.කාෂ්ටකේට පායන කාලෙ මෙහෙම එකපාරටම වහින්න ගත්තු එක ගැන කට්ටිය හිටියෙ කලකිරීමෙන්.මොකද හොදට අව්ව පායන කාලයක් නිසා ලේසියකින් කෙනෙක් කුඩ ගේන්නෙ නෑ.නේත්‍ර වගේ පිලිවෙලකට වැඩ කරන මනුස්සයෙක් කුඩයක් ගෙනාව මිසක් බාගෙට බාගයක් ලමයි ලග කුඩ තිබ්බෙ නෑ.

"තව පීරියඩ් දෙකක් ඉන්න ඕනි නේද අනේ?"

"ඒකනෙ දිවාෂ....සීතයිත් එක්ක"

"මම තුරුල් කරගන්නත ඔයාව"

"හෑයියා....එපා!"

"මූ යකෝ.....ආසව හිටියනම් බලන්න තිබ්බා....ඕකා තමා චූචියො ඔයාව නරක් කරලා මගෙන් ඈත් කලේ"

"හි හී"

දිවාෂ කියන දේවල් වලට හිනාවුණු නේත්‍ර අතට ගත්තෙ ආශවලගෙ පන්තියෙ ලමයෙක්ගෙ ව්‍යාපාර අධ්‍යනය පොතක්.ලබන මාසෙට යෙදෙන බිග් මැච් සමයට මේ ටිකේම එකදිගට පුහුණුවීම් වල යෙදෙන ආශවට පන්තියෙ වැඩ නොසෑහෙන්න මගෑරෙද්දි ඒ ටික අඩුපාඩුවක් නොවෙන විදියට බලලා කලේ නේත්‍ර.නේත්‍ර ලියන නෝට්ස් ටික ෆොටෝකොපි ගහගන්න දිවාෂ ඒකට ස්ටෙප්ලර් කට්ටක් විතරක් ගහලා දෙවින්ට දීලා තෙවින්ගෙන් ඒවට හරියන්න කෑම ගත්තා.

නිවාලන්න මා... (Taekook nonfic)Where stories live. Discover now