71 කොටස🤍✨️

1K 203 347
                                    

"ඔයාලට මේ ටිකේ ක්ලාස් එකේ ඉන්න තියෙන ටයිම් එක සමහරවිට ලිමිට් වෙයි....ඒ උනාට ඔයාලා දැනගන්න ඕනි ඒක බැලන්ස් කරගන්න....තේරුනාද?"

"ඔව් අයියෙ!"

ස්කූල් සීනියර් ඔෆිසර් රකිතගෙ කටහඩට හැමෝම එකාවගේ උත්තර දෙද්දි රකිත බැලුවෙ තමන් ලග හිටගෙන හිටිය සීනියර් බෝඩ් එකේ කීප දෙනා දිහා.එතන ආශවවත් දෙවින්වත් නොහිටියෙ මේ ටිකේම ක්‍රිකට් පුහුණුවීම් උදේ ඉදලා යෙදිලා තිබුනු නිසා.ස්කූල් ඔෆිසර් නොමිනීස්ලාව මූලික කරගෙන යොදාගෙන තිබ්බ මේ රැස්වීමෙදි මූලික වශයෙන්ම කතා කලේ ඉස්සරහට එන්න තියෙන බිග් මැච් සමය සදහා සියලුම සංවිධාන කටයුතු ස්කූල් ඔෆිසර් නොමිනීස්ලගෙ කරමත පැටවෙන විදිය ගැන.

"අපිට පුළුවන් ඔයාලට ඒකට උදව් කරන්න විතරයි....මූලිකව හැම දෙයක්ම ඕගනයිස් කරන්න ඕනි ඔයාලා...අපි ඒකට කමිටීස් බෙදලා තියෙන්නෙ.ඔයාලට ටීම් ලීඩර් කෙනෙක් ඉදියි...එයා එක්ක සහයෝගෙන් වැඩ කරගෙන යන්න.එයාගෙ මොකක් හරි අවුලක් තියෙනවනම් අපිට කෙලින්ම කියන්න පුළුවන්..."

රකිතගෙ පැහැදිලි හඩට හැමෝම නිහඩවම සවන්දීගෙන හිටියා.රකිතගෙ වැඩ කරන පිලිවෙල,රකිතගෙ හැසිරීම එක්ක කොච්චර නම් රකිත පාසලේ ප්‍රධාන ශිෂ්‍යයා වෙන්න සුදුසුද කියලා හැමෝටම තේරුනා.

"ටීම් ලීඩස්ලා ටිකව මම කියන්නම්....ලීඩගෙ අතට මම ටීම් මෙම්බර්ස්ලගෙ ලිස්ට් එක දෙනවා.ලීඩර් සම්පූර්ණ වගකීම ගන්න ඕනි ටීම් එක වෙනුවෙන්....ඉන්දීප,ඔයා ලීඩස්ලා ටිකව කියන්නකො"

"හරි....ටීම් එක ගැන බලාගන්න ආශව,දෙවින් දෙන්නා ඉන්නවා....ඒ ගැන අපිට බය වෙන්න ඕනි නෑ.බිග් මැච් එකට කලින් අපිට වීඩියෝ එකක් කරන්න තියෙනවා....ඔයාලා දැකලා ඇති හැම අවුරුද්දෙම එහෙම එකක් කරනව.ඒකට ඉස්කෝලෙම සුද්ධ කරලා ලෑස්ති කරන්න වෙනවා.ඒ ටිකට ඔයාලා හැමෝගෙම සපෝට් එක ඕනි අපිට.මුළු ඉස්කෝලෙම ලමයිව දම්මලා ඒ වැඩේ කරවන්න වෙනවා.ඒකට අපි ඩේට් එකක් දාගෙන ඔයාලට කියන්නම්.

හරි,එතකොට බිග්මැච් එක දවසට අපේ ටීම් එක ග්‍රවුන්ඩ් එකට යන්න කලින් එයාලව චියරප් කරන්න,එයාලව ඒකට....ඔය අපේ වචනෙන් කියනවනම් ගැම්මට පිටත් කරන්න පොඩි උත්සවයක් වගේ එකක් තියෙනවා.ඔයාලා දන්නවනෙ ඒක.අන්න ඒ ඉවෙන්ට් එක ඕගනයිස් කරන්න ඕනි.ඒක ලේසි නෑ,මොකද මුළු ඉස්කෝලයක්ම ඔයාලා එකතු කරගෙන ඒක කරන්න ඕනි.ඒ නිසා ඒ වැඩේ ටිකක් අමාරුයි.ඒ ටීම් එකට අපි ටිකක් වැඩිපුර කට්ටියව දාලා තියෙන්නෙ.ටීම් ලීඩර් කාර්තික්! කාර්තික් ඉස්සරහට එන්න"

නිවාලන්න මා... (Taekook nonfic)Where stories live. Discover now