එළවළු රොටී

288 46 83
                                    


කෙරුමට වෙන්න ඕනෙදේ කියල මං ජිම් එකට ගියේ ප්‍රෝටීන් ශේක් එකත් හදාගෙන...... ඒක හදන විදිහ මං කෙරුනටත් කියල දුන්න....!!! එතකොට ඒ වැඩෙත් උට කරන්න පුළුවන්.... මං කිව්ව වගේම හරියට පැයක් යද්දි කෙරුමා mango juice එක අරගෙන ජිම් එකට ආවා.......!!!!

"සර් ජූස් එක....!!! "

"අහ් ඔතනින් තියහන්...!!! දැන් ගිහිල්ල ඉතුරු වැඩටික කරපන් පිස්සු පූසො...!!පෑන්කේක් හොඳ පැණිරසට තියෙන්නෙ ඕනෙ......!!! "

"හරි සර්....!!! "

"කෙරුමා ....!! "

"ඔව් සර්...!!! "

"උඹට ඕවා සෙට් නැත්තං කැමති දෙයක් හදාගෙන කාපන්...!!! ෆ්‍රිජ් එකේ , පැන්ට්‍රි එකේ බඩු ඇති බලල ගනිං....!!! "

මං ඒක කියල හෙඩ් සෙට් එක ගහගෙන ආයෙමත් treadmill එකේ ස්පීඩ් එක ටිකක් වැඩි කරල දුවන්න ගත්ත...!!! මං කියපු දේට කෙරුම දීපු උත්තරේ මොකක්ද කියල මට ඒ හින්ද ඇහුනෙ නෑ.මං ජිම් එකෙන් ඇවිත් වොෂ් දාලා කිචන් එක පැත්තට එද්දි බඩේ පණුවො බොක්සිං ගහන සුවඳක් ආවෙ හැබැයි ඒ පෑන්කේක් සුවඳනං නෙවෙයි......!!!!

"කෝ කෑම හරිද .....??? "

"එන්න සර් හරි.....!!! "

අර මොකාටද මන්ද බල්ලො පැනපි කිව්ව වගේ මූ කෑම ලෑස්තියි කියල ටේබල් එක පෙන්නද්දි මං පුදුම උනා...!!!කෙරුමා luxury hotel එකක ටේබල් decorate කරනව වගේ ටේබල් එක හරිගස්සල ගාණට වෙන වෙනම කෑම ප්ලේට් වලට තියල......!!!

" ඈ බං උඹ හිතුවද මේක හොටෙල් එකක් කියල මේ විකාර කරන්න....!!!නෝමල් විදිහට කෑම ටේබල් එකට සර්ව් කරහම ඇති ගොන් වාහෙ...!!! "

මං පෑන් කේක් කන ගමන් හෙව්වෙ මට කිචන් එකට එද්දි දැනුන සුවඳ මොකක්ද කියල.දැනුත් ඒ සුවඳ දැනෙනව ඒත් ඒ සුවඳ එන්නෙ කොහෙන්ද කියල මට හොයාගන්න බෑ ......!!!!

"උඹ මොනවද කන්න හදාගත්තෙ...?? "

"රොටී සර්...!! "

"ඇයි උඹ පෑන්කේක් කන්නෙ නැද්ද...?? "

"මං පැණිරස කන්න එච්චර ආසනෑ සර්...!!! "

"හ්ම්ම් එහෙනං ඉතිං ඔතනට වෙලා හිටගෙන ඉන්නෙ නැතුව කාපන්...!!! "

මාංචු Where stories live. Discover now