මැරුණෙ නෑ

1.6K 156 111
                                    


විකිය ශේප් එකේ මගෙ උකුලට එන්නෙ උට ඔලුව අතගාගන්න ඕනෙ උනහම..!! එහෙම නැතුව ඕකව මගෙ උකුලෙ තියන් ඉන්න පුළුවන් මරණ තර්ජනයක් කරල විතරයි.....!!! ඒකත් මේ උට එහෙම නෙවෙයි මටම මං මරණ තර්ජනයක් කරගත්තොත් විතරයි ...!!!

"අනේ බං ඕක බලන ගමන් පොඩ්ඩක් අතගාපන්කො....!!! අත ගෙවෙන්නෙ නෑනෙ.....!!! "

"අයියෝ...!! වදයක් බං උඹ ...!!! "

"හරි හරි ඕනෙ නෑ...!!!උඹ ඕක බලපන්.මං බංගලාව පැත්තට ගිහිල්ලා එන්නං .....!!! "

"දැන් කාටද දන්නෑ පොඩ්ඩක් ඇත්තන් තද වෙන්නෙ...??? මෙන්න මෙහෙ හිටපන් නරි පැටියා...!!! තොගෙ ඔලුව මං අතගාන්නෙ නැතුව වෙන මොකා අතගාන්නද .....??? "

"බොරුවට යන්න හැදුවෙ...!!! දැන් ඉතිං අතගාපන්කො හොඳ වස්තු කැටේ වගේ...!!! "

"ඔලුව අතගානව හැබැයි එක කොන්දේසියක් පිට....!!! "

" හ්ම් කියපන්කො මොකක්ද උඹේ කොන්දේසිය කියල...!!! "

"උඹ මට ෆිල්ම් එක බලන්න දීල සද්ද නැතුව ඉන්න ඕනෙ...!! එකඟයිද ...??? "

"හරි හරි එකඟයි ....!!! දැන්වත් අතගාපන්කො බං..!!! "

මූගෙ ඔය එකඟවිල්ල තප්පර දහයක් තියෙන්නෙ නෑ කියන්න මං අත්දැකීමෙන් දන්න දෙයක්........

"දංගා.....!!! "

"ඕං ඉතිං පටන්ගත්ත ...!!! "

"හරි හරි ඉතිං...!!! මං අහන්න හැදුවෙ ෆිල්ම් එකේ නම මොකක්ද කියල..?? "

"ඔය උඩින් දාලා තියෙන්නෙ අඩේ නම..!! ඇස් පේන්නෙ නැද්ද උඹේ....??? "

"නෑනෙ...!!! ඒකනෙ උඹෙන් ඇහුවෙ..!! "

"මින්නල් මුරලි...!!! සුපිරි වීරයෙක්ගෙ ෆිල්ම් එකක්..!!! ඔලුවත් අතගාන එකේ නිදාගනිංකො වද නොදී බූරුස්....!!! "

මූ ෆිල්ම් එකේ නම පේන්නෑ ගාන්නෙ ඇස් වහගෙන....!!! ඕක තමයි මං කිව්වෙ මූ එක්ක ෆිල්ම් බලන්න බෑ කියල....!!!!

ෆිල්ම් එක පටන් අරං උපරිම විනාඩි පහක් යන්න ඇති.......

"මේ....!!! දැන් ඕකෙ වෙන්නෙ මොකක්ද දංගා...??? ඕකත් හරියට නිකං සුපර් මෑන් වගේද .....??? "

"මං දන්නෙ කොහොමද බං ඒක...??? මං නෙවෙයි මේ ෆිල්ම් එක හැදුවෙ....!!! වෙන්නෙ මොකක්ද කියල උඹම බලපන්කො මට මේක බලන්න දීල..!!! "

මාංචු Where stories live. Discover now