• ගෙත්තම් ~ 05 කොටස

982 126 52
                                    

තිහාන්, අශීවත් ඇදගෙන යන දිහා දේව් බලන් හිටියේ සුපුරුදු කට කොනේ හිනාව මූනෙ තියාගෙනමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තිහාන්, අශීවත් ඇදගෙන යන දිහා දේව් බලන් හිටියේ සුපුරුදු කට කොනේ හිනාව මූනෙ තියාගෙනමයි. ඒත් ගවේශ් නම් හිටියේ මෙතන සිද්ද වුන දේ හරියටම දේව්ගෙන් අහලා දැන ගන්න උවමනාවෙන්.

" ගවේශ්.. යමු... "

ගවේශ් තාමත් වාහනේ නතර කරන් ඉන්න නිසා දේව් යමු කියලා කිව්වත් ගවේශ් ස්ටාර්ට් එකේ තිබ්බ වාහනේ ඒ විදියටම නතර කරලා සීට් බෙල්ට් එකත් ගලවලා සම්පූර්ණයෙන් දේව් දිහාවට හැරුනා.

" අයියා මේ... "

" ගවේශ්.. මට නාස්ති කරන්න ටයිම් නෑ.. "

" අනේ මේ.. කොයි වෙලෙත් වරම අතට ගන්නෙ නැතුව ඉන්නවා ඕයි... "

" ගවේශ්...!! "

ගවේශ් දේව්ට සාමාන්‍යයෙන් බයයි. ඇත්තටම කිව්වොත් බයයි වගේම තමන්ගෙ අයියට සෑහෙන ගෞරව කරනවා. ඒත් අයියා කියන්නේ කවුද කියන්නත් ගවේශ් හොදටම දන්නවා. පහු ගිය අවුරුදු දෙක තුන ඇතුලේ අයියා වෙනස් වුන හැටිත් ගවේශ් හොදටම දන්නවා.

" බොරුවට කෑ ගහන්න එපා අයියා.. මට කියනවා තමුසෙ කොහොමද ඒ කොල්ලව දන්නේ.. "

දේව් කතා කරපු තාලෙටත් එක්ක තිහාන්ව දේව් නිකන්ම අදුරන බවක් නොතිබ්බ නිසා ගවේශ් දේව්ගෙන් කෙලින්ම ඇහුවා.

" ඔක්කොටම කලින් කියනවා ගවේශ් තමුන් කොහොමද එයාව දන්නේ.. "

දැන් කොහොමත් අයියගෙන් උත්තරේ හම්බුවෙන්න කලින් තමන් උත්තරයක් අනිවාරෙන් දෙන්න ඕන නිසා අද තිහාන්ලව කීල්ස් එකේ හම්බුන විස්තරේ ගවේශ් දේව්ට කිව්වා.

" ඉතින් මම එයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා හිතලා සොරි කියන්න ගියා--- ....."

ගෙත්තම් 🧵✨️ || (Ongoing)Where stories live. Discover now