තිහාන් බෝඩිමට ආපු ගමන් කලේ දේව්ට මැසේජ් එකක් දාපු එක. කලින් දවසෙ අශීට කෝල් එකක් ගන්න අමතක වුනාට මොකද තිහාන් දේව්ට මැසේජ් එකක් දාන්න ඕනෙ කියන එක නම් අමතක කලේ නෑ.
දේව්ට මැසේජ් එකක් දාලා කොල්ලා තමන්ගෙ ඇද උඩ දිගා වුනේ ලොකු හුස්මක් පිට කරලා. ටිකක් වෙලා ඇස් දෙක පියාගෙන හිටිය තිහාන්ගෙ මූණට ඉබේටම හිනාවක් ආවා. තිහාන්ගෙ මූණට ඒ හිනාව එන්න හේතුව වුනේ අදිති. ඊයෙ රෑ පුරාමයි අද උදෙයි චූටි කෙල්ල එක්ක හිටිය හැම මොහොතක්ම තිහාන්ගෙ හිතට ගෙනාවේ ලොකු සතුටක්.
අදිතිගෙ හිනාව කියන්නේ දේව්ගෙ ගෙදරට පායපු ඉරක් වගේ. ඇත්තටම හිතලා බැලුවොත් දේව්ගෙ ජීවිතේ පහුගිය අවුරුදු තුන පුරාවට එළිය කරන්න පුලුවන් ඉරක් තිබ්බ නම් ඒ අදිති විතරයි. වෙනසක් නෑ ඒ හිනාව දැන් තිහාන් වෙනුවෙනුත් එහෙමයි. " තිස් මාමි " කියලා කට පුරවලා කියන කෙල්ල තිහාන්ගෙ අස්සෙම ඊයෙ රෑ පුරා රිංගන් හිටිය විදිය, සැරින් සැරේ බෙල්ල බදාගෙන තිහාන්ව බදාගත්ත විදිය, හරියට චූටි කෙල්ලට අප්පච්චිගෙන් වගේම තිහාන්ගෙනුත් ලොකු ආරක්ශාවක්, ආදරයක් තියනවා කියලා දැනෙනවා වගේ.
අදිති ගැන හිතන ගමන් තිහාන්ගෙ මූණට හිනාවක් ආවට මොකද දැන් තිහාන්ට නුහුරු හැඟීමුත් දැනෙන්න පටන් අරන්. ඇත්තටම ඒ හැඟීම් නුහුරුද..? මීට කලින් දැනිලම නැද්ද...? තිහාන්ට දැන්නෙ ඒ හැඟීම් තමන්ගෙ හදවත ඇදලා බැදෙගෙන තියා ගන්නවා වගේ.
අදිතිගෙ ඇස් වල නිතරම ආදරේ තිබ්බේ චූටි කෙල්ලගෙ අප්පච්චි වෙනුවෙන් විතරයි. ඒත් දැන්... දැන් ඒ ඇස් වල තිහාන් වෙනුවෙනුත් ආදරේ තියනවා.. ඇත්තටම ඒ අදිතිගෙ ඇස් වල විතරමද..? තිහාන් වෙනුවෙන් එහෙම ආදරයක් තියෙන්නේ අදිතිගෙ ඇස් වල විතරමද...?
YOU ARE READING
ගෙත්තම් 🧵✨️ || (Ongoing)
Non-Fiction𝙼𝚎𝚎𝚝𝚒𝚗𝚐 𝚢𝚘𝚞 𝚠𝚊𝚜𝚗'𝚝 𝚊 𝚌𝚘𝚒𝚗𝚌𝚒𝚍𝚎𝚗𝚌𝚎, 𝙸𝚝 𝚠𝚊𝚜 𝚊 𝚖𝚒𝚛𝚊𝚌𝚕𝚎 ♥︎∞ හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා "ගෙත්තම්" රසවිදින්න Sinhala Non Fiction BL Start - 2024/07/03 End - 🖋️ - KimKoya99 🚫Don't Copy My Work.🚫