තිහාන් පිබගෙන දේව්ගෙ කැබින් එකෙන් එලියට යනකොට දේව්ව මුන ගැහෙන්න එමින් ගමන් හිටිය ශාක්‍යගෙ ඇගෙත් වැදුනේ සිහියක් නැතුව.
" තිහාන් මල්ලි.. ? "
" ආ.. අයියේ.. මං අයියට පස්සෙ කතා කරන්නම්.."
මේ වෙලාවේ ශාක්‍ය එක්ක කතා කරන්න තරම් තිහාන්ට ඕන කමක් තිබ්බෙ නැති නිසා තිහාන් පුලුවන් ඉක්මනට ශාක්‍යව මග ඇරලා ගියා. ඒත් එක්කම ශාක්‍ය කඩා ගෙන බිදගෙන දේව්ගෙ කැබින් එකට ආවේ දේව්ට හොදට අමතන්න කට හදාගෙන.
" දේව්!!"
" ආ.. අඩුවට හිටියෙ උබ විතරයි.. ඌ නඩුව කිව්වද උබට..!!"
තිහාන්ට නොදෙවෙනි විදියට යකා නැගලා හිටිය දේව් ශාක්‍යගෙ ඇගට කඩාගෙන පැන්නේ ශාක්‍යටත් වඩා සද්දෙන් කෑ ගහලා.
" මොකක්ද බන් මේකෙ තේරුම.. උබ මොකක්ද ඒ කොල්ලට කිව්වේ.."
" කියවිල්ල නවත්තපන් ශාක්‍ය.. උබත් කියවන්න ආවා මෙතන.. මොන හු**ක්ද මේ.."
" දේව් !!"
" ඇයි ඌ කිව්වෙ නැද්ද.. උගෙන්ම අහගනින්.. "
දේව් ශාක්‍යට කෑ ගහගෙනම ගිහින් පුටුවෙන් වාඩි වුනාම ශාක්‍ය නම් කලේ දේව්ගෙ ටේබල් එක උඩ තිබ්බ වතුර වීදුරුව එක හුස්මට බීපු එක.
" මොකක්ද බන් මේකෙ තේරුම.. ඌ මට මුකුත් කිව්වෙ නෑ.. මොකක්ද උනේ කියපන්.."
" හහ්.. ඌ මට උපදෙස් දෙන්න එනවා.. හොද තාත්තා කෙනෙක් වෙලා ඉන්නලු.. ඌ මොනවද ශාක්‍ය මං ගැන දන්නේ.. ඌ මොනවද මං ගැන දන්නේ...!!"
" මොකක් ?? කොල්ලා එහෙම කිව්වා.. ඒක නම් වෙන්න විදියක් නෑ දේව්... අනික ඌ මොකටද උබට ඒ වගේ කතාවක් කියන්නේ..."
YOU ARE READING
ගෙත්තම් 🧵✨️ || (Ongoing)
Non-Fiction𝙼𝚎𝚎𝚝𝚒𝚗𝚐 𝚢𝚘𝚞 𝚠𝚊𝚜𝚗'𝚝 𝚊 𝚌𝚘𝚒𝚗𝚌𝚒𝚍𝚎𝚗𝚌𝚎, 𝙸𝚝 𝚠𝚊𝚜 𝚊 𝚖𝚒𝚛𝚊𝚌𝚕𝚎 ♥︎∞ හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා "ගෙත්තම්" රසවිදින්න Sinhala Non Fiction BL Start - 2024/07/03 End - 🖋️ - KimKoya99 🚫Don't Copy My Work.🚫