"කට වැඩි හොඳටම..."
මිස්ටර් ඩෙවිල් මට විතරක් ඇහෙන ගානට කිව්වේ මං දිහා කෙලින් බලන ගමන්... ඒ ඇස් වල තිබුණු රෞද්‍ර පාටට මයේ කටේ කෙලත් හිඳෙන්න ඇති.... මං ලත් තැනම ලොප් වෙලා බලන් හිටියේ ආපහු ඊට වඩා උත්තරයක් දෙන්න වචන මට මතක් නොවිච්ච නිසයි...මං ගෝලුවෙක් වගේ ඉද්දි මිස්ටර් ඩෙවිල් දිනාල් පැත්තට හැරුනා... හැබැයි ඊළඟට කියපු දේ නිසා දිනාල්ගේ මූණේ මෙච්චර වෙලා තිබුණු නෝන්ජල් හිනාව තත්පරෙන් නැති වෙලා ගියා...
" හත්අටදෙනෙක් දෙන්නෙක්ව වට කරන් ඉන්න එක ලොකු වීරකමක් කියලද හිතන් ඉන්නේ... "
"මුන් දෙන්නගේ කටේ සද්දේ වැඩි... ඒකයි මේ..."
මෙන්න ඒ පාර දිනාලයා වචන පටලවනවා... මිස්ටර් ඩෙවිල් මට පිටුපාලා ඉන්න නිසා මූණ පේන්නෙත් නෑ... මට එබිලා බලන්නත් හිතයි දිනාල්කාරයා මොකද එකපාරටම මෙහෙම කතා කරන්නේ කියලා හේතුව දැනගන්න...
"උන් දෙන්නගේ කටේ සද්දේ අඩුවැඩි කරන්න කරදර වෙන්න අවශ්‍ය නෑ... දැන් මේ හෙන්චයියෝ ටිකත් අරන් ගෙදර යනවා ..."
"එහෙම කොහොමද..."
"එකපාරක් කිව්වා ඇහෙන්න ඇතිනේ..."
"දැන් අයියා කිව්ව එක ඇහුනේ නැද්ද තමුසෙට... කට වහන් ආපු දිහාවකට පලයන් බං..."
දිනාල්ගෙයි මිස්ටර් ඩෙවිල්ගෙයි මැද්දට අනුධයා කෑ ගහන් පැන්නම ඒකටනම් දිනාල්කාරයට රතු කට්ට පැන්නා...
"මොකද උඹට..."
දිනාල් අනුධයාගේ කමිසෙන් කොලර් එකෙන් ඇදල ගද්දි ආයෙමත් මිස්ටර් ඩෙවිල් දිනාල්ගේ අතින් අල්ලගත්තා....
"තොපි දෙන්නටම කියන සිංහල තේරෙන්නේ නැද්ද...උඹට මං එකපාරක් කිව්වා මල්ලි ආයේ දෙවෙනි පාරට කියන්නේ නෑ...."
මොකක්දෝ හේතුවකට දිනාල් මිස්ටර් ඩෙවිල්ට බයයි කියලා පේනවා... ඒත් ඒ ඇයි කියලනම් මට කිසිම අදහසක් නෑ.... මිස්ටර් ඩෙවිල් බැලුවත් ඇති දිනාල් ඊටඉහලින් යන්නේ නැති බවක් පේන්න තියෙනවා.... මුන් දෙන්නගේ මොකක්හරි හුටපටයක් තියෙනවා... මෙච්චර සද්දේ දාන දිනාලුයි උගේ ගැන්සියයි මිස්ටර් ඩෙවිල් ඉස්සරහ ෆුල් හොල්මන්..
YOU ARE READING
බෝසිළු//Sinhala Bl Novel *ੈ𑁍༘⋆|- ONGOING -|
Non-Fictionවල්කම වූවත් පට්ටම ඩීසන් ඩිංගක් උඹ වැඩිමල් හින්දා ⋆⭒˚。⋆