𝙾𝚇𝚈𝙶𝙴𝙽
" අම්මේ. "
මෙතුල වාහනේ වත්ත ඇතුලට දාලා වාහනෙන් බහිනවත් එක්කම වගේ දොර ලගට ආපු ආච්චි අම්මා මෙතුලව දැකලා මෙතුලට කතා කලා වගේම මෙතුල පොඩි දරුවෙක් වගේ ඒ උණුහුමට ගුලි උනේ අවුරුදු ගානකට පස්සේ. හරියටම කිව්වොත් අවුරුදු පහලවකට පස්සේ. ඉස්කෝලෙන් අයින් උනත් එක්කම වගේ මෙතුල කියන චරිතේ මුලු ලෝකෙන්ම හැංගිලා ගියේ නොකරපු වරදකට වරද කාරයත් වෙමින්.
" මගේ රත්තරං. උබ එහෙනම් ආවා. "
ආච්චි අම්මා හරිම ආදරෙන් ඒ උරපත්තකර කෙටි හාදුවක් දෙන ගමන් කිව්වේ මෙතුල ආච්චි අම්මාගේ හිස් මුදුනට තමන්ගේ තොල් තද කරගනිද්දි. මුලු ලෝකයක් ඇගිල්ල දික් කරත් තමන්ගේ අම්මා කිසිම දවසක තමන්ට ඇගිල්ල දික් නොකරපු එකට මෙතුල තාමත් දෙවියන්ට පිං දෙනවා. ඒත් අනිත් අතින් එයා දෙවියන්ට වෛර කරා. ඒකට ඔහුට හේතුවක් තිබුනා.
" නෑවිත් කොහොමද අම්මේ. අම්මාගෙ අතින් හදන රස කෑම වේල මට හොදටම මග ඇරුනා. "
" ඔව් ඉතින් අවුරුදු ගානක් හැංගිලා හිටියා මදෑ. යන්කෝ යන්කෝ ගෙට. "
ආච්චි අම්මා මෙතුලගේ අත් දෙකෙන්ම අල්ලන් එහෙම කියන ගමන්ම මෙතුලව එක්කන් ගේ ඇතුලට ගියේ යසස් හසෙල් දෙන්නා මූණට මූණ බලාගනිද්දි. ආච්චි අම්මාට ඒ දෙන්නාව අමතක වෙලා වගේ. ආච්චි අම්මාගේ චූටි පුතා ඇවිත්නේ ඉතින්.
" අපිව අමතක වෙලාද යකෝ. "
" එයැයිගේ සූටි පුතා ඇවිත්නේ. අපි දැන් පිට උන් වෙන කාලේ. යමන් යමන් ඇතුලට. "
යසස් හසෙල් දෙන්නා ඇතුලට ගිහින් ඇගපත සෝදගෙනම කෑම මේසෙන් වාඩි උනේ වෙනදා නැති හිනා හඩවල් වලින් මුලු කෑම මේසෙම පිරිලා තියෙද්දි උනත් යසස් දැක්කා මෙතුලගේ ඇස් වල ඇදිලා තිබ්බ ඒ වේදනාව. හිනාවෙන් ඒක කොච්චර හංගන්න මෙතුල උත්සහා කරත් හංගන්න හංගන්න වතුරට දාපු රබර් බෝලයක් වගේ මෙතුලගේ ඒ වේදනාව උඩ ගැහුවා. කාලා ඉවර වෙලා මෙතුල ගෙදර අයටත් යනවා කියලා පිටත් උනේ නිවසට යන්න උනත් ඔහු නොදැනුවත්වම ඇවිත් තිබුනේ මහයියාව සොහොනට වෙද්දි. මෙච්චර වෙලාවක් එලියට පයින්න පොරකාපු ඒ කදුලු කැට හරි නිදහසේ ඒ කම්මුල් දිගේ ගලාන් ගියේ හරි හදිස්සියෙන් වගේ.