19

716 47 12
                                    

𝙾𝚇𝚈𝙶𝙴𝙽

ගෙනාපු සුදු රෝස පොකුර ඒ සොහොන් කොත උඩින් තියලා අරලිය ගහට පිට දීලා එතනම බිමින් වාඩි උනේ ලෝකෙටම හොරෙන් හංගන් හිටපු ඒ කදුලු වාන් කඩාගෙන ඒ ඇස් වලින් ගලාගෙන ගියේ කදුලු බින්දු එක දෙක ඒ ශර්ට් එක තෙත් කරද්දි. කවදා කොහොම ඒ වරද නිවැරදි කරන්නද මෙතුලට හිතුනෙම එහෙම වෙද්දි වරදක් නිවැරදි කරන්න පුලුවන්ද.

" තමුසේ ඔහේ සතුටින්ද මැණික. මම මේහේ විදවනවා යකෝ නොසෑහෙන්න. එදා මමයි ඔතන ඉන්න තිබ්බේ. ඇයි ඇයි කියපන් උබ ඒ මැද්දට ඇවිත් මෙහෙම මාව තනිකරලා යන්න ගියේ. කියපන් යකෝ. මොන ලෝකෙකින් ඇවිත් හරි කියපන් මට ඒක. "

රතට හැරුනු ඒ ඇස් වල හැගීම කිසිම කෙනෙක්ට කියවගන්න බැරි උනා. ඒක දුකක්ද කේන්තියක්ද තනිකමක්ද එහෙම නැත්තම් ඒ සේරමද. තමන්ටවත් තමන්ව තේරුම්ගන්න බැරි තරම් දුරකට මෙතුල කියන චරිතේ අද ගිහින්. ඉතින් වෙන කවුරු ඔහුව තේරුම් ගන්නද. කියන්නද තමන් අතේ වරදක් නැහැ කියලා. ලෝකෙටම වැරදිකාරයෙක් උන තමන් නිර්දෝෂි කියලා කෑ ගහලා කියන්නද. නැහැ. ඒක නෙවෙයි මෙතුලගේ විදිහ. මේ වෙනකම්ම මෙතුල ඉවසුවා. මිනිස්සු කොයි විදිහට මොන කතාව කිව්වත් මෙතුල අද වෙනකම්ම ඒ හැම දෙයක්ම ඉවසුවා. ඒත් ඉස්සරහට එහෙම නොවේවි. ඉවසන්න ඉවසන්න මෙතුල ලෝකෙට දුර්වලයෙක් උනා. ඉතින් මෙතුලට ඕනේ තමන් ඉවසුවේ තමන් දුර්වලයෙක් නිසා නෙවෙයි තමන්ගේ කේන්තිය මුලු ලෝකයක් කනපිට හරවනවා කියලා දන්න බයට කියලා මෙතුලට පෙන්නන්න ඕන උනා. ඉතින් මෙච්චර කාලෙකට හිටපු මෙතුලව වල දාන්න සුහිරු කියන චරිතේ තීරණේ කලා. පිස්සෙක් නොවී පිස්සෙක් උන ඒ මෙතුල කියන කොල්ලාව සුහිරු කියන පරිණත පිරිමියා විසින් වල දැම්මා. ඔව් සුහිරු ඒ දේ කලා.

" උබ ඔහෙට වෙලා සතුටින් ඉදපන් වස්තුව. උබට උන හැම අසාධාරණයකටම මේ සුහිරු එක එකා ගානේ බාවනවා. පළි ගන්න එක ගන්නවා. ඒක මේ සුහිරු එයාගේ සදට දෙන පොරොන්දුවක්. බලාගෙන ඉන්න මැණික ඒ එකා එකා උබේ කකුල් දෙක ලගට එයි. අන්තිමට වෙලාවක් තිබුනොත් මේ මාත් එන්නම්. එතකන් ඔහේ පරිස්සමට ඉදපන්. "

සුදු සෝර පොකුර දිහාට අන්තිම වතාවට බැල්මක් දාන ගමන් සුහිරු තමන්ටම දිවුර ගත්තා තමන්ගේ සදට සාධාරණයක් කරනකම් ආය මේ සොහොනට නොඑන බවට. ඒක දිවුරුමක්ම නෙවේ එක සපත කිරීමක් උනා. ඒ නිසාම වෙන්න ඇති මෙච්චර වෙලා නිසලව තිබ්බ මුලු පරිසරයම වහගෙන තද හුලගක් එක්කම අකුණක් පුපුරලා ගියේ. ඉතින් මේ ප්‍රේමණීයන්ගේ නගරය එදා වගේම ලේ විලක් කරන්න සුහිරු දෙපාරක් නොහිතන බව සොබාදහමට වුනත් ඉවෙන් වගේ දැනෙන්න ඇති. මෙතුල කියන්නේ අසරණ කොල්ලෙක් උනාට සුහිරු කියන්නේ අමු තිරිසනෙක්. ඒකත් පළිගන්න වියරු වැටිච්ච සිංහයෙක් වගේ. ඉතින් එකම ඇග ඇතුලේ ජීවත් උන චරිත දෙකක් මෙතුල වගේම සුහිරු කියන්නේ. සුහිරු කියන අමු තිරිසන් චරිතේ මෙතුල කියන ඒ දුර්වල චරිතෙන් වහන් ඉන්න සුහිරු ගත්ත උත්සහය දන්නේ සුහිරුම විතරයි.

𝙾𝚇𝚈𝙶𝙴𝙽 ✔️✔️Where stories live. Discover now