27

730 31 13
                                    

එදා දවසත් ඒ විදියට ගෙවිලා ගිහින් ඊලග දවසේ උදෙන්ම නැගිටපු ටේ හියුන්ග් තමන් ව බදාගෙන නිදාගෙන හිටපු ජන්කුක්වත් හිමිට එහාට කරලා නලලට කිස් එකකුත් දීලා බාත්රූම් එකට ගිහින් වොශ් අප් වෙලා පහලට ආවේ උදේ කෑම හදන්න.

ඊයේ රෑත් ඔලුව රිදෙනවා බඩ රිදෙනවා අරහෙ රිදෙනවා ගගා ජන්කුක් නිදා ගත්ත නිසයි ටේ අද ජන්කුක්ට කලින් නැගිටින්න හිතුවේ.

දෙන්නටම කන්න සැන්විච් පාන් ටෝස්ට් කරලා එග් දෙකක් බුල්සායි දාලා ටෝස් කරපු පාන් වල බටර් ගාලා පැත්තකින් තිබ්බා . අලිගැටපේර ගෙඩි දෙකක් අරන් එකත් මිල්ක්ශේක් කරලා කිචන් එකත් තිබ්බ විදියටම අස් කලේ කිචන් එක අවුල් උන ගමන් ජන්කුක් නිකන් බොරුවට කේන්ති අරන් කෑ ගහන නිසා.

"ටේ ඔයා අද වේලාසනින් නැගිට්ටද?"

පල්ලෙහට එන ගමන් ජන්කුක් ඇහුවේ කුස්සිය අස් කරන ටේගෙන්.

"ඕ කුකී නැගිටලා නේ. එන්න එන්න. ගුඩ් මෝනින් .මං අද කෑම හැදුවා අපි කමු මටත් බඩගිනි."

පඩිපෙළ ලගට ගිහින් ජන්කුක් කර වටේ අතකුත් දාගෙන කෑම⁣ මේසෙ ගාවට ඇවිත් ජන්කුක්ව වාඩි කරලා ටේ ගියේ කිචන් එකට. හදපු ඔක්කොට ට්‍රේ එකක තියාගෙන ඇවිත් මේසෙන් තියපු ටේ ජන්කුක්ට එහා පැත්තෙන් වාඩි වුනා.

"අනේ ටේ හියුන්ග් ඔයා කෑම හදලානේ .ඔයාට බඩගිනි නම් මට කියන්න තිබ්බානේ අනේ .ඇයි ඔයා තනියම හැදුවේ."

ජන්කුක් කුරු කුරු ගාද්දි ටේ ටෝස්ට් කරපු පාන් කෑල්ලක් ජන්කුක්ගේ කට ලගට ⁣ලං කලාම කියවන එක නවත්තලා ජන්කුක් කන්න ගත්තා.

" ඔයාට සනීප නැති නිසායි මං හැදුවේ. දැන් කට වහන් කන්නකෝ ලමයෝ."

එක එක විහිලු කර කර කියව කියව ටේ ජන්කුක් දෙන්නා කෑම කලා ඉවර වෙලා දෙන්නා එක්ක ලෑස්ති වුනේ කරන්න වෙන වැඩකුත් නැති නිසා ෆිල්ම් එකක් බලන්න. එලියට ඇවිදින්න යන්න කතා කලත් ජන්කුක් අදි මදි කරද්දි ටේ හිතුවා ගෙදර ඉදන්ම ෆිල්ම් එකක් බලනවා කියලා.

" කුකී එන්න අනේ. මං මොනාහරි ඕඩර් කරන්නම් ඔයා මහන්සි වෙන්න එපා. "

You've reached the end of published parts.

⏰ Last updated: Sep 08, 2024 ⏰

Add this story to your Library to get notified about new parts!

• | Mr. Mafia | •Where stories live. Discover now