27 🦋🤍

621 48 93
                                    


" ම්ම්හ්හ්..ම්හ් "

" හා හා දොයියන්න දොයියන්න .."


දැන්නම් හේෂ් අයියට හොදටම නින්ද ගිහින්..මීට ටික වෙලාවකට කලින් එයාව දියෙන් ගොඩගත්ත මාලුවෙක් වගේ වෙව්ලන්න ගත්තා වගේම අරෙහෙ රිදෙනවා මෙහෙ රිදෙනවා එයාට උහුලන්න බෑ කිය කිය මැරෙන්න හැදුවා...මට කරන්න දෙයක් හිතාගන්න බැරි තැන මම එයාගේ ආල්මාරියෙන් බ්ලැන්කට් එකක් අරන් ඇවිත් පෙරෙව්වා උනත් එයා වෙව්ලන එක අඩු උනේ නැ බැරිම තැන මං එයාට ජර්සි එකකුත් අන්දලා පුලුවන් තරම් මට තුරුල් කරගත්තා..ඊට පස්සෙ ටිකකින් ගෙරවිලි සද්ද ඇහෙද්දි මට දැනුනා එයාට නින්ද ගිහින් කියලා..

දැන්නම් වෙලාව දොලහටත් කිට්ටු වෙලා මට එලිවෙනකන් මේ කාමරේ නිදාගන්න බැරි නිසා මම ඇදෙන් බහින්න හදද්දී මට තුරුල් වෙලා අඩු ටික සේරම මගෙ ඇගෙන් දාගෙන සැපට නිදාගෙන ඉදපු හේෂ් අයියා කෙදිරිගෑවා වෙද්දි මම එයා ඇහැරෙයි කියලා හිතලා එයාට දොයියන්න කියන ගමන් එයාගේ පිටට හිමින් තට්ටු දැම්මා..මං හිතන්නේ හේෂ් අයියට ආයම නින්ද ගියා..දැන් ඉතිම් මේ බූවල්ලා එක්ක කොහෙ නැගිටිනවද..
පාන්දරම යනවා කියලා හිතලා මාත් ආය ඇස් දෙක පියාගත්තා...

.




.







.









.








.


" කොල්ලට අපේ එකා ගාවම නින්ද ගිහින් වගේ නංගි.."


" ඒක තමා අක්කේ මාත් බැලුවේ.."

" ඔහේ නිදාගත්තුදෙන් තව ටිකක්..."


.




.





.

මං හිතන්නේ මට ඒ ඇහුන කටහඩවල් නිසා මගේ පපුව හයියෙන් ගැහෙන්න ගත්තා වගේම මෙච්චර වෙලා තද නින්දක ඉදපු මාව ගැස්සිලා ඇහැරුනා..දෙයියනේ මම ඒ හීනයක්ද දැක්කේ නැත්තන් ඇත්තටම එයාලා දැක්කද මම අයියා ගාව නිදාගෙන ඉන්නවා...

ආආආ පාන්දර නැගිටලා අනිත් කාමරේට යන්නම් කියලා හිතුවට මට නින්ද ගිහින් හොදටම...ඒ අස්සේ හේෂ් අයියාත් එයාගේ අඩුවලින් මාව වෙලාගෙන..ඉතින් කොහෙ නැගිටින්නද මම...එක අතකට එයාලා දැක්ක එකත් හොදයී අනේ...මොකුත් හිතන්න නම් නැතුව ඇති..හිතුවත් කේස් නැ....ඇහුවොත් ඇත්තම කියලා දානවා...කී දවසක් හොරෙන් ලව් කරන්නද....


You've reached the end of published parts.

⏰ Last updated: Sep 22 ⏰

Add this story to your Library to get notified about new parts!

අවාරෙක මෙහි ඇවිත්Where stories live. Discover now