~ 06 සටහන ~

753 99 25
                                    

ඉස්කෝලේ අස් කරන දේවල් ඔක්කොම කරලා අපි එහෙන් එනකොට හවස හතරයි.අද අපේ සෙට් එකම බීච් යන්න කතා වෙලා හිටියේ වෙනසකටත් එක්ක.ඇයි ඉතින් පහුගිය ටිකේම අරකටයි මේකටයි නැහි නැහි ඉදියා මිසක් හුස්මක් ගන්නවත් වෙලාවක් තිබ්බේ නෑනේ.අනිත් හතර දෙනාම ගෙවල් වලට ගිහින් ලෑස්ති වෙලා අපේ ගෙදර එන්නම් කිව්වා.

මෙතූව බස්සලා යන අතරෙත් මං කල්පනා කරේම දැන් ටිකකට කලින් ඉස්කෝලේදි වුණේ මොකද්ද කියලා.ඇත්තටම මම තාම ඒක විශ්වාස කරන්න බැරුව ඉන්නේ.
මෙතූ කිව්වම එයා එදා ඇහැරිලා ඉදියේ කියලා,මට ලැජ්ජත් හිතුනා යකෝ.

සැකේ සැක්......සෙට්ම නෑ.....

ආආආආආආආආ.........stress.........

එයා මට කිව්වා අද බීච් ආවම බඩ්ඩක් දෙන්නම් කියලා.ඇහුවට කිව්වෙත් නෑ බක පණ්ඩිතයා.
මොකද්ද දන්නේ නෑ දෙන්න යන්නේ.......කිස් එකක්වත් දෝ~......
ම්ම්ම්ම්.........නයිස්......

යොහ් පාරමිතා...........ඔයාගේ සුදු පුතාට අද බඩ්ඩක් හම්බෙන්නයි යන්නේ!!

මම ගෙදර ගිහින් බයික් එක නවත්තලා ඇතුළට යනකොටම ඇවිත් හිටපු කෙනා දැකලා මගේ ඇස් දෙකෙන් හාට් පොකුරු පොකුරු විසික් වෙන්න ගත්තා.

"ආච්චම්මා!!"

අපේ අම්මගේ අම්මයි තාත්තයි ඇවිල්ලා.

"නාකි මගේ කොන්ද කඩන්නේ නැතුව බිම තියපන් කොලුවෝ!!"

මං දුවලා ගිහින් ආච්චම්මව උස්සලා වටයක් කරකෝලා බිම තියලා එයාගේ කම්මුලට චොක් ගාලා හාද්දක් තිබ්බා.එතකොටම කුස්සිය පැත්තේ ඉදන් ආවේ අපේ උත්තරීතර මහනුවර දුනුවිල වලව්වේ මහහාමු වගේම අපේ අගතා මැණිකෙගේ ආදරණීය ස්වාමිපුරුෂයා වෙන ආර්යවර්ත දුනුවිල.මගේ සීයාතාත්තා.

"ආයුබෝවේවා දුනුවිල වලව්වේ මහහාමු.කන්ද උඩරට සිට පැමිණි ඔබතුමාව අපි සාදරයෙන්,
ගෞරවයෙන්,ආදරයෙන්  පිළිගන්නවා මේ ගිනිදළු නැගෙනා,
මුහුදු සුළං හමනා,කාක්කෝ පියාඹනා සුන්දර රමණීය කොලොම්පුරවරයට"

අත්දෙක දොහොත් මුදුන් දීලා වැඳගත්ත මං සෑහෙන ඩ්‍රැමටික් විදියට අපේ සීයාතාත්තව පිළිගත්තා.එයැයි මගේ බොක්ක ඈ මොනා වුනත්.එයාගේ නෑනේ ඔය වලව් මාන්න අනන් මනන්.මෑන් කෙලින්ම ජීවත් වෙන්නේ රාං කුරුල්ලා වගේ එයාගේ නෝනත් එක්ක රට වටේම ඇවිද ඇවිද  තමා.

F5 | OngoingWhere stories live. Discover now