~ 14 සටහන ~

2.6K 154 70
                                    

මැච් එකෙන් පස්සේ සෑහෙන වේගෙන් මාස පහක්ම ගෙවිලා ගියේ අපිව AL exam එකට හාහා පුරා කියලා ලං කරන ගමන්.ලබන මාසේ අපිට විභාගේ.ලෙසටම පිස්සු හැදිලා ඉන්නේ මේ ටිකේම ආයේ හුස්ම ගන්නවත් වෙලාවක් නෑ.
ඉස්කෝලේ යනවා,ක්ලාස් යනවා පාඩම් කරනවා.අඩුතරමේ ලව් කරන්නවත් වෙලාවක් තිබ්බේ නෑ.

ගෙවුන මාස පහ ගැන කිව්වොත් වුණ පුදුමාකාරම සංසිද්ධිය තමෛ වියාන්ගෙයි ධේනුගෙයි සම්බන්ධේ ප්‍රොෆෙසර් යුවලට මාට්ටු වීම වගේම එහෙම වෙලත් උන් දෙන්නා තාම යහතින් සිටීම.කතාවක් තියනවනේ පොතක් පිටකවරෙන් මනින්න එපා කියලා.එතන වෙලා තිබ්බෙත් අන්න එහෙම දෙයක්.
මෙහෙමයි වෙලා තිබ්බේ.

එදා කොහොමහරි ප්‍රොෆෙසර් කපල් එක ගෙදර ඉදපු නැති නිසා අපේ ධේනු එහෙ ගිහිල්ලා.ගිහින් තියෙන්නේ නම් ඉතින් අරූ එක්ක පාඩම් කරන්න කියලා.

පාඩම් කරන්න...?....

අනේ අපි නොදන්න මොණරතැන්න කිව්වලු.

කොහොමහරි පාඩම් කරන්න කියලා ගිය එකා පස්සේ නැවතිලා තියෙන්නේ අනිත් එකත් එක්ක සිප වැලදගැනීමේ වැඩසටහනක් පවත්වලා.ඒ වෙලාවෙ තමයි ආතල්ම සිද්ධිය වෙලා තියෙන්නෙ.

ෆයිල් එකක් අමතක වුණ නිසා ප්‍රොෆෙසර් අම්මා වාහනේ එළියේ නවත්තලා ගෙට ඇවිත්.ෆයිල් එක අරගෙන යන්නත් හදලා ඒත් ගෙදර සද්දයක්වත් නැති නිසා කෝකටත් කියලා උඩ තට්ටුවට ගිහින් බලනකොට තමා නැන්දගේ ප්‍රෙෂර්,
ෂුගර්,කොලෙස්ට්‍රරෝල් ඔක්කොම වැඩිවෙලා තියෙන්නේ.

මුන් දෙන්නා සෙටි එකට වෙලා කටවල් කාගන්නවලු!

නැන්දගේ අතේ තිබ්බ ෆයිල් එක කෙලින්ම භූමි නමස්කාර කරලා,ඒ සද්දෙට තමා අරුන් දෙන්නා හරි සිහියට ඇවිත් තියෙන්නේ.දෙන්නා හොල්මනක් දැක්කා වගේ භය වෙලා දඩිබිඩි ගාලා සෙටියෙන් බිමට පැනලා හිටගත්තලු.ධේනු කෙසේවෙතත් අරූ නම් පට්ටෙටම භය වෙලා ඉදලා තියෙන්නේ ඇයි ඉතින් ඌ දන්නවනේ නැන්දගේ හැටි.

හැබැයි පුදුමේ කියන්නේ නැන්දා මුන් දෙන්නට ගහලවත් බැනලවත් නෑ.එයා ඇහුවලු 'කොච්චර කල් ඉදන්ද?' කියලා.එච්චරමලු ඇහුවේ.මුන් දෙන්න පට්ටෙට භයවෙලා හිටපු නිසා මුලින් මුකුත් කියලා නෑ.ඒත් නැන්දා ආපහු අහනකොට මුන් කියලා අවුරුද්දකට කිට්ටු වෙන්න එනවා කියලා.

F5 | OngoingWhere stories live. Discover now