🚀Small Introduction🚀

291 26 17
                                    

හෙලෝ ලමයි,

කොහොමද? මම මේ කියන්න යන්නේ මම තව විකාර කතාවක් ලියන්න පටන් ගන්නවා කියලා. මං දන්නවා මම කතා ගොඩක් ලියන්න අරන් තියෙනවා කියලා. ඒවගෙන් දෙකක් මම ඔයාලට දෙනවා නේ. අනික් ඒවා තමයි ටිකක් බ්‍රේක් කරලා තියෙන්නේ. ඒවත් ලියන්න ගන්නවා මේ බොම්නල් ගේ කතාවයි, ෂැඩෝ එකයි ඉවර වුණාම.

ඒත් මේ කියන්න යන්නේ වෙන කතාවක් ගැන. මේ කතාව මම ලිව්වේ.... ගොඩ කාලෙකට කලින්... හ්ම්ම්... හරියට ම කිව්වොත් කාලේ මතකත් නැහැ.. මං හිතන්නේ  2016 හරි 2017 දි හරි 🤔 අනේ මන්දා ඒකෙන් වැඩක් නැහැ. මම කියන්නේ ඒ නිසා මේකෙ අඩුපාඩු ගොඩක් තියෙන්න පුලුවන්. අනික මේක මම ඉස්සර SL ආර්මි ඉන්නවා කියලා නොදන්න කාලේ ලියපු නිසා ඉංග්‍රීසියෙන් ලිව්වේ 😁 ඉතිං  ඒ නිසා දැන් ඒක සිංහලෙන් පරිවර්තනය කරලා මේ දාන්නේ. මට කියන්න ඕනේ කරන්නේ..., මම හැමවෙලේම සැලකිලිමත් වෙන හේතුඵල දහම, ලොජික් ඒවා මේවා මේකෙ අඩුයි. මොකද ඉතිං ඒ කාලේ හදිස්සියට ලියපු ඒවා නේ මේ. අනික මට ම හිනා යනවා අනේ මං ගැන.. ඒ කාලේ ඉතින් ෆෝන් තිබ්බේ නැහැ නේ මම පොතක ලියලා තියෙන්නේ මේක 😂😂😂😂 මට ම හිනා යනවා මගේ ලාමක වැඩ ගැන. පව් දෙයියනේ පිටු ගානක් ලියලා 🤣🤣🤣🤣 ඒ කාලේ ලියන්න පටන් ගත්ත මේ කතාව මම ලියලා ඉවර කලේ කවදද දන්නවද? 🤣 2018 දී ජොබ් එකට යද්දි 😂😂😂 ඒකෙ ස්ට්‍රේස් එක නිසා මම, අර චූටි ලමයා (චූටි මම) නවත්තලා තිබ්බ තැනින් මේක ලියන්න පටන් අරන් ඉවර කලා. මේක ඉවර කලත් හරි ජොබ් එකෙනුත් අයින් වුණා 😆😆😆😆

කියවන අය ඔන්න පරිස්සමින් 🤣🤣🤣 ජොබ් ගැන එහෙම වග කියනු නොලැබේ 😆

ආ..හ් මට කියන්න බැරිවුණා නේ ඇයි මේක දාන්නේ කියලා. මම යි, Thushara1990 යි ග්‍රහලෝකයක් ගැන කියව කියව ඉද්දි තමයි මට මේක කියවුණේ.. 😅 මෙහෙම එකක් ලියලා තියෙනවා කියලා.. ඊට පස්සේ එයා කිව්වා මේක කියවන්න ආසයි දාන්න කියලා. මම මේක කලිනුත් ලිව්වට, කොහෙවත් පෝස්ට් කලේ නැත්තේ ලැජ්ජාව නිසා. 🙈 මේක හෙන ලමා මානසිකත්වයෙන් යන කතාවක්. ඒත් ඉතින් Thushara1990 කියවන්න ආසයි කිව්ව නිසා මට බෑ කියන්න හිතුනේ නැහැ. අනික ඒ මැසේජ් කරන වෙලාවෙත් කතාව ලියපු පොත මේසෙ උඩ ඉදන් ලෙල දුන්නා. (😁 මං පරිස්සමට තියන් ඉන්නේ කතන්දර ලියලා තියෙන පොත්)

හ්ම්ම්... කියන්න තියෙන ඔක්කොම කිව්වා කියලා හිතනවා මම. ඒත් ආපහු පාරක් කියනවා වැඩිය ලොකු බලාපොරොත්තු තියාගන්න එපා. මොකද කිව්වොත් මේක ලමා මානසිකත්වයෙන් යන්නේ 😁😁 අනික එපිසෝඩ් බොහොම කෙටි වෙයි සමහර විට. ඒත් මම දැන් මේක පරිවර්තනය කරන නිසා පුළුවන් විදිහට ලස්සනට විස්තර කරලා ලියන්නම් 😅 ඒත් අර කලින් කිව්වා වගේ හේතුඵලය, ලොජික් අඩුවෙයි. මොකද මම කතාව වෙනස් කරන්න යන්නේ නැහැ චූටි දරුවා ලියපු විදිහටම තමයි කතාව ලියන්නේ.. පව් නේ ඉතිං මගේ චූටි කාලේත් 😆 කතාව වෙනස් කලොත් චූටි කාලේ මගේ තිබ්බ අදහස්වලට අපහාස කලා වගේ වෙයි නේ 🤣🤣🤣 ඒ නිසා වෙනස් කරන්නේ නැහැ.

කතාවේ නම: 𝙱𝚒𝚐𝙷𝚒𝚝 𝙴𝙽𝚃𝙴𝚁𝙿𝚁𝙸𝚂𝙴

කියවන්න එන්න කියලා හැමෝටම ආරාධනා කරනවා 😁

තෑන්ක්ස් මේක කියෙව්වට.

මගේ නම Miss_Mint_Choco (වෙලාවකට නට් ලූස් ගනන් ගන්න එපා 😅)

මේ කතාවටත් ඔයාලා කැමති වෙයි කියලා හිතනවා.

𝙱𝚒𝚐𝙷𝚒𝚝 𝙴𝙽𝚃𝙴𝚁𝙿𝚁𝙸𝚂𝙴 (Upcoming)Where stories live. Discover now