Teaser :

169 24 9
                                    

𝙱𝚒𝚐𝙷𝚒𝚝
𝙴𝙽𝚃𝙴𝚁𝙿𝚁𝙸𝚂𝙴

එකෝමත් එක කාලෙක, එකොමත් එක සෞරග්‍රහ මණ්ඩලයක BTSWORLD කියලා ග්‍රහලෝකයක් තිබ්බලු. ඔන්න ඔය ග්‍රහලෝකෙ ජීවත්වුණ ග්‍රහලෝක වාසීන්ට කිව්වේ ආර්මි කියලලු. මේ ආර්මි කියන ග්‍රහලෝක වාසීන් හරිම එකමුතුයි ලු. හොඳද? ඒ වගේම තමයි එයාලගේ තිබුණු විශේෂත්වය තමයි එයාලා, එයාලගේ ග්‍රහලෝකය වෙනත් සතුරු ආක්‍රමණවලින් ආරක්ෂා කරපු අභ්‍යාවකාශ ආරක්ෂක අංශයේ නිලධාරීන්ට පුදුම විදිහට ආදරය කලා.

ඒ වගේම තමයි මේ කියන අභ්‍යාවකාශ ආරක්ෂක අංශයේ නිලධාරීනුත් එයාලගේ ග්‍රහලෝක වාසීන් වුණ ආර්මිලට ගොඩාරියක් ආදරේ කලා...

මේ නිලධාරීන්ගේ ටීම් එකෙ නම තමයි
방탄소년단.. එහෙම නැත්නම් අපිට කෙටියෙන් BTS කියලත් කියන්න පුළුවන්. කොහොමහරි මේ ග්‍රහලෝකයට නම් තැබීමේ උත්සවයේ දී BTSWORLD කියලා නම තිබ්බෙත් මේ නිලධාරීන් ගැන ආර්මිලාට තිබ්බ ආදරය නිසා.

ඉතිං මේ නිලධාරීන් මේ BTSWORLD එක ආරක්ෂා කරන්නේ වෙන කාගෙන්වත් උදව්වෙන් නෙවේ 𝙱𝚒𝚐𝙷𝚒𝚝 𝙴𝙽𝚃𝙴𝚁𝙿𝚁𝙸𝚂𝙴 එකෙ උදව්වෙන්. 𝙱𝚒𝚐𝙷𝚒𝚝 𝙴𝙽𝚃𝙴𝚁𝙿𝚁𝙸𝚂𝙴  කියන්නේ වෙන කාටවත් නෙවේ එයාලගේ සුන්දර, සුකොමල ෂෝක් අභ්‍යාවකාශ යානයට.

ඉතිං 𝙱𝚒𝚐𝙷𝚒𝚝 𝙴𝙽𝚃𝙴𝚁𝙿𝚁𝙸𝚂𝙴 පියාසැරීමට සූදානම්...

ඔයාලා ලෑස්තිද රවුමක් යන්න?

🚀🚀🚀🚀🚀🚀🚀🚀🚀🚀🚀🚀🚀🚀🚀🚀🚀🚀

හෙලෝ Teaser එක හොඳද?

මම මේක කලින් ලියද්දි දැම්මේ ආර්මි ලෑන්ඩ් කියලා 😁😁 දැන් BTSWORLD කියලා දැම්මා. කමක් නැහැ නේ?

𝙱𝚒𝚐𝙷𝚒𝚝 𝙴𝙽𝚃𝙴𝚁𝙿𝚁𝙸𝚂𝙴 (Upcoming)Where stories live. Discover now