අවසන් පෙම🎐 (jikook)

2.2K 258 77
                                    

ශොප් එක වහන්න ඔන්න මෙන්න තියලා පොඩි කොල්ලෙක් දුවගෙන ඇවිත් තඩි කොල මිටියක් දීලා ෆොටො කොපි ඉල්ලුවා. වැස්සට ඒ කොල්ලා හොදටම තෙමිලා. සීතල නිසා මූනත් සුදු මැලිවෙලා.

"ඕහ් දැන් ශොප් එක වහනවා පුතා.. ඔයා හෙට උදේ එන්න.."

" අනේ බෑ කියන්න එපා. 😕මන් ලොකු කරදරේක පැටලිලා ඉන්නේ.. අනේ මට කෝම හරි මේ ටික කරලා දෙන්න...🙁 අනේ...අනේ.. අනේ... බෑ කියන්න එපා..😟"

ඒ ඇස්වල තිබුනු අහිංසක කම නිසා ශොප් එකේ අයිතිකාරයට ඒ ලමයට බෑ කියන්න බැරි උනා. ඊටත් එලියේ හොදටම වහිනවා. මේ කොල්ලත් හොදටම තෙමිලානේද කියලා දුක හිතිලා ඒ මනුස්සයා ලමයගේ කොල අරගෙන

" කෝ මේ ජන්කුකා.... කොහෙ ගියාද මන්දා... "

කෑ ගහද්දී ඇතුලේ ඉදන් මේ දැන් නාලා වතුර බේරෙන කොන්ඩේ පීද පීද කොල්ලෙක් ආවා. ජිමින්ගේ ඇස් දිව්වේ කොල්ලගේ දිලිසෙන කතා කරන ඇස් වලට. නියම පිරිමියෙක්ට හිමිකම් කියන ඒ මස් පිඩු පිරුනු ඇග ජිමින්ට කල්පනා ලෝකෙන් තනිවෙන්න හේතුවක් හොයලා දුන්නා.

" අප්පා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" අප්පා... ඇයි කතා කලේ...👀"

"ආ... මේ ටික ෆොටොකොපි ගහලා දෙන්න... "

" බුදම්බෝ..😲. මේකේ හෙනගොඩක් තියෙනවනේ.. දැන්ම දෙන්න වෙන්නේ නෑ.. 😱"

ශොප් එකේ අයිතිකාරයාගේ පුතා එහෙම නැත්තන් ජන්කුක්, එහෙම කිව්වා විතරයි සීතලේ ගැහිගැහි අත් දෙක පපුවට තද කරගෙන හිටගෙන හිටපු ලමයා

"අනේ මට කොහොමහරි හෙට උදේට මේ ටික ස්කෝලෙට ගෙනියන්න ඔනේ..😢 අනේ මට මේක කොහොම හරි කරලා දෙන්න..😰"

" ජන්කුකා.. ඕක කරලා දෙන්න... බලන්න මේ ලමයා හදිස්සියෙම ඇවිල්ලා උදව් ඉල්ලනකොට කරලා නොදී බෑ.... ඕක දැන්ම පටන් ගන්න.. මන් යනවා එහෙනම්.. ඕක ඉවර කරලා ශොප් එකත් වහලාම එන්න... "

MY LovE 🎐 [ Short Storys]Where stories live. Discover now