CHAPTER - 01

9.5K 825 18
                                    

පාට පාට විදුලි එලි වලින් පිරුනු , ඇගෙන් හතරෙන් තුනක් ම නිරාවරණය උනු දිලුසෙන ඇදුම් ඇදගත්තු සරාගි ගෑනු ලමන්ගෙන් පිරුනු , කන් පුපුරන තරම් සද්දෙන් වැයෙන ඩිස්කෝ සංගීතය මැද්දෙන් ජන්ගුක් හෙමි හෙමින් අඩි තිබ්බෙ බාර් එකෙන් ගත්තු විස්කි වීදුරුවත් අතේ තියාගෙන.විට්න් විට ඇගේ එල්ලෙන ගෑනු ලමයින්ට මද හිනාවකින් සංග්‍රහ කරල ඉතාම සූක්ශමව තමන්ගෙන් ඈත් කරන ගමන් ජන්ගුක් ගෙ ඇස් කාව හරි හොයනවා..

"සර් අර ඉන්නෙ කෙල්ල"

පිරිමි කෙනෙක් ගෙ ඇගෙ වෙලීගෙන උන්නු ගෑනු ලමයෙක් දිහාට ඇස් යවල පෙන්නපු ජන්ගුක් ගෙ බොඩිගාඩ් ලුවිස් ජන්ගුක් ට ඔලුව වැනුවා..කට කොනින් අමුතු විදියට හිනා උනු ජන්ගුක් ඒ පැත්තට ගියෙ විස්කි වීදුරුවත් තොල ගාන ගමන්...

"බේබි…."

ගෑනු ලමයගෙ උරහිසට අත තියල තමන්ගෙ පැත්තට හරවගෙන ජන්ගුක් බැලුවෙ එතන උන්නු පිරිමි කෙනා දිහා..ශර්ට් එකේ බොත්තන් ටික ගැලවිලා අසිහියෙන් උන්නෙ වයස පනහකටත් වැඩි මනුස්සයෙක්..ජන්ගුක් ගෙ හිනාවට වශී උනා වගේ ඒ ගෑනු ලමයා ඒ මනුස්සයගෙන් ඈත් වෙලා ජන්ගුක් ගෙ ඇගට ඇලුනා..

"Yeah baby"

"Are you free?"

"Why not"

ජන්ගුක් ට ඇහැක් ගහපු ඒ ගෑනු ලමය ජන්ගුක් ගෙ අතින් ඇදගෙන සාමාන්‍ය ප්‍රමාණයේ කැබින් එකක් ඇතුලට ජන්ගුක් ව එක්කන් ගියා..යන අතර මගදි  ජන්ගුක් ලුවිස් ට අතින් සංඥා කරේ තමන් ගෙ පිටි පස්සෙන් එන්න කියලා.

"මෙතන ඉඩ මදි වගේ..අපි ප්‍රයිවට් රූම් එකකට යමු.."

කැබින් එකේ දොර ගාවදි ජන්ගුක් කියද්දි ගෑනු ලමයා හිනා වෙලා ජන්ගුක් ගෙ කම්මුලට හාදුවක් දුන්නා.දෙන්නත් එක්කම ක්ලබ් එකේ දෙවෙනි තට්ටුවෙ පෞද්ගලික සුඛෝපභෝගී කාමරයකට ආවෙ විස්කි බෝතලේකුත්  අරගෙනයි.කාමරේට ආපු ගමන් ජන්ගුක් සෝෆා එකෙන් ඉද ගද්දි ගෑනු ලමයා ඉක්මනින් වීදුරුවට විස්කි පිරෙව්වා..ජන්ගුක් විස්කි තොල ගාද්දි ගෑනු ලමයා ජන්ගුක් ගෙ උකුල උඩින් ඉද ගත්තෙ තමන්ගෙ අත් දෙක ජන්ගුක් ගෙ ගෙල වටා හෙමි හෙමින් යවල..

MY TIME ( Completed )Where stories live. Discover now