If our love is wrong..(02)

1.3K 208 58
                                    

කැන් වොශ් එකක් දාගෙන එනකන් පීට් එයාගේ 4n එක ඔබ ඔබ හිටියා.කැන් ටවල් එකකුත් ඇදගෙන කාමරේට ආවා..ඇග දිගේ බේරෙන වතුර බිංදු දිහා පීට් බලන් හිටියේ මුව පැටියෙක්වගේ..

"මොකද ඔහොම බලන්නේ මීට කලින් මන් වගේ ලස්සන කොල්ලෙක්ව දැකලවත් නැත්ද ? කැන් පීට් ට ඇහැක් ගැහුවා..

"ආ..ඔව්..ඔයා සෙක්සි...පීට් හිමීට කිවුව ඒ වචන කැන්ට ඇහුනා.

"ඒයි...ඒයී...යනවා යනවා වොශ් දාගෙන එනවා ගිහින්...කැන් අහක බලන් කිවුවා..

පීට් වොශ් රූම් එක ඇතුලට යනකන් ඉදලා කැන් එයාගේ පපුවට අත තියලා බැලුවා.."ෂික් මට හාර්ට් පොබ්ලම් එකක්ද කොහෙද...මේක නවතින්න වගේනේ ගැහෙන්නේ..කැන් එයාටම කියාගත්තේ එයාට මොනවා වෙලාද කියලා හිතාගන්න බැරිවයි.පීට් එයා ලගින් ඉන්න  හැමවෙලාවකම කැන් බැලුවේ පීට් ට නපුරු වෙන්නෙ.කිසිම කරුණාවක් නැති කෙනෙක් වගේ හේතුවක් ඇතත් නැතත් පීට්ට බැන්නා..පීට් දැක්ක දවසේ ඉදන් ඒමයි . ඒත් පීට් කැන්ට හොදට සලකන වෙලාවට කැන්ට හිතාගනන බෑ මොකද කරන්නේ කියලා කැන් අතරමන් වෙලා..

"මේ කොල්ලා මහ විකාරයක්...එයා එක්ක ඉන්නේ කොහොමද ?හරිම අමුතුයි...වෙන අය එක්ක ඉන්නවා වගේ ඇයි මට එයා එක්ක ඉන්න බැරි.. බැරිවෙලාවත් මන් පීට් ට කැමතිද ? කැන් කණ්නාඩිය දිහා බලාගෙන එයාටම කියාගත්තා..

"ෂික් කැන් මොනවාද ඔයා මේ හිතන්නේ එයා කොල්ලෙක් ඔයත් කොල්ලෙක් කොහොමද එහෙම දෙයක් වෙන්නේ.නෑ නෑ කීයටවත් එහෙම දෙයක් නම් වෙන්න බෑ..කැන් එයාගේ ඔලුවට හයියෙන් පාරක් ගහ ගත්තේ පීට්ගෙ වශියෙන් බේරෙන්නම බැරිතැනයි.පීට් වොශ් දාගෙන කාමරයට ආවා. පීට් ගෙ දිලිසෙන ඇග දිහා කැන් බලන් හිටියේ හරිම අමුතු විදියට කැන් ඒ විදියට බලන් ඉන්නවා දැකලා පීට් රතු වුනේ බීට් අලයක් වගේ..

"පීට් ට තියෙන්නේ ලස්සන ඇගක්..හරිම පොඩී...කැන් හිතෙන් හිතුවා..තවත් කැන්ට ඒ විදියට පීට් දිහා බලන් ඉන්න බැරි වුනා..කැන් එකපාරටම කාමරේ දොරත් ඇරන් එලියට ගියේ වචනයක්වත් නොකියා.දොරෙන් එලියට ගිය කැන් දොරට හේත්තුවෙලා "මේකා මාව පිස්සු වට්ටනවා" කියලා එයාටම කියාගත්තේ අතින් දාඩිය පිහදානගමන්...ටික වේලාවකින් කැන් ඇතුලට ආවාම පීට් එයාගෙන් කොහෙද ගියේ කියලා ඇහුවත් කැන් කිසිම උත්තරයක් නොදී රෙද්දත් පොරවන් ඇදේ ගුලි වුනේ පීට්ගෙන් බේරිලා නිදාගන්න කියලා..ඒත් කැන්ට එදා රෑ නින්ද ගියේම නෑ..එයාගේ එහා පැත්තේ නිදා ඉන්න පීට් දිහා කැන් බලන් හිටියේ හිතට එන දහසකුත් දේවල් වචන වලට හරව ගන්න බැරිවයි..කැන් ඇදේ වාඩි වෙනවා එහාට මෙහාට පෙරලෙනවා ඒත් හිත හදාගෙන එයාට නිදාගන්න බැරි වුනා . ඒකටත් හරියන්න පීට් කට කපලා හොදට නිදි...

💎 𝗜𝗳 𝗼𝘂𝗿 𝗹𝗼𝘃𝗲 𝗶𝘀 𝘄𝗿𝗼𝗻𝗴 💎Where stories live. Discover now