If our love is wrong..(09)

890 160 54
                                    

උදේම ඇහැරුනේ කැන් ..ඒත් එක්කම කැන්ට කෝල් එකක් ආවා.කතා කලේ ජේම්ස්.

"ඕ..phi ජේම්ස්...ඇයි මේ උදේම ? කැන් හීනෙන් වගේ ඇහුවා.කැන් කතා කරනවා ඇහිලා පීට්  ඒ සද්දෙට ඇහැරුනා..

"අනේ Phi කැන් ...කවුද අනේ ඔය ? පීට් නිදිමරගාතේ ඇදේ වාඩි වෙලා කෑ ගැහුවා. පීට් ගෙ කට හඩ ජේම්ස් ට ඇහුනා.

"කැන් කවුද ඔය ඔතන ඉන්නෙ ?මට පීට් ගෙ කට හඩ ඇහුනනේ..ජේම්ස් ඇහුවේ සැකෙන්...ඔන්න එතකොට තමයි කැන් හොද සිහියට ආවේ . කැන් බයවෙලා හනි පනි ගාලා ඇදෙන් නැගිටලා කාමරයෙන් එලියට ගියේ ජේම්ස් දැනගත්තොත් ඒ දෙන්නා එකට හිටියා කියලා ආයි ඉතින් පත්තරේ දැම්මා වගේ නිසයි . ජේම්ස් කතා කරලා කැන්ට කිවුවේ එයාගේ අලුත් photoshoot එක ගැන . ඒකත් පීට් එක්ක . කැන්ට මාර සතුටු හිතුනා පීට් එක්ක කරන දෙවෙනි photoahoot එක මේක නිසා. කැන් කෝල් එකට උත්තර දීලා ආපහු පීට්ගෙ රූම් එකට යද්දිම පීටුත් phi jenny එක්ක කෝල් එකේ හිටියා. එයාටත් විස්තරේම කියලා තිබ්බ නිසා පීටුත් ගොඩක් සතුටු වුනා ආපහු කැන් එක්ක වැඩක් කරන්න හම්බුනු එකට . ඒ දෙන්නා කපල් එකක් විදියට කරන පලවෙනි photoshoot එක ඒක නිසා.

"කැන් ඒනම් ඉක්මනට ලෑස්ති වෙලා යමු . මීටින් එකට .පීට් එකපාරට ඇදෙන් නැගිටලා කෑ ගහන්න ගත්තා.

"අම්මෝ මෙයාගේ සතුට . කැන් හිනා වුනා. මේ ඒනම් මන් මුලින් වොශ් දාගෙන එන්නම්..

"ඈ ..බෑ..බැ...මෙහෙ ඔයාගේ toothbrush එකවත් නෑ යන්න යන්න ඔයාගේ ගෙදර ගිහින් ඔයා වොශ් දාගන්න කියලා පීට් කැන්ව ගෙදරින් එලියටම තල්ලුකලා.කැන් නිදාගන්න ඇදුම පිටින් ගෙදරින් එලියට ගියාම ලිෆ්ට් එක ගාව හිටිය ගෑණු ලමයි දෙන්නෙක් ඒ ඉන්නේ කැන් කියලා අදුරගෙන කැන්ට හිනාවෙන්න ගත්තා. එයාලා දැක්ක මහලොකු  model නිදාගන්න ඇදුම පිටින්නෙ හිටියේ..කැන්ට කොච්චර ලැජ්ජ හිතුනද කිවුවොත් කලබලේට එයාගෙම ගෙදර පාස්කෝඩ් එකත් වැරදියට දෙපාරක්ම try කරලා තමයි දොර ඇර ගත්තේ. ඊට පස්සේ දෙන්නා එක්කම ලෑස්ති වෙලා කැන්ගේ වාහනේම yash agency එකට ගියා.ලිෆ්ට් එකේ ඉන්න ගමන් පීට් සැරින් සැරේ එයාගේ 4n එක ඔබ ඔබ ඉන්නවා දැක්ක කැන්ට පීට් මොකක් කරනවද කියලා බලන්න එයාගේ 4n එකට එබුනා.

💎 𝗜𝗳 𝗼𝘂𝗿 𝗹𝗼𝘃𝗲 𝗶𝘀 𝘄𝗿𝗼𝗻𝗴 💎Where stories live. Discover now