කැන් එදා දවස ගෙවුවෙත් පීට් එක්ක නිසා . කැන්ට දැන් පීට් ව නැතිවම බැරි වුනා.එක විනාඩියක්වත් හිතන්නේ බලන්නේ නැතිව කැන් දිව්වේ පීට් ගෙ ගෙදරට . පාස්කොඩ් එකත් දන්න නිසා පීට් ටත් නොකියා කැන් පීට්ගෙ කාමරෙටම ගියා. කැන්ගෙ වෙලාව කොච්චර සැරද කියනවනම් කැන් දැක්ක දේ නිසා කැන්ට වඩා ශොක් වුනේ පීට්...පීට් හිටියේ නාලා ආපු ගමන් ඇදුම් අදින ගමනුයි...පීට් කැන්ව දැකලා බය වෙලා බලන් හිටියා. කැන්ට උන් හිටි තැන් අමතක වුනා. කැන් ක්ෂණිකව දොර වහගෙන එලියට ගියේ මොකක් කරන්නද කියලා හිතා ගන්නවත් බැරුව..කැන් දැක්ක දේ කැන්ගේ හිතේ හොල්මන් කරනවා..කැන් ටික වෙලවක් කල්පනා කලේ කෝමා එකකින් නැගිට්ට කෙනෙක් වගෙයි.
"අයියෝ කැන් මෙ මොකක්ද වුනේ...අමතක වුනාද මේක පීට්ගේ ගෙදර ඔයගෙයි වැරැද්ද කියන්නෙවත් නැතිව මදෑ පිට්ව සප්රයිස් කරන්න ආවා . අන්තිමට දෙන්නම සප්රයිස් වෙලයි නතර වුනේ..😭 කැන් එයාටම කියාගත්තා. දැන් කරන්න දෙයක් නෑ ආපහු ගෙදර යනවා ඇරෙන්න . කොහොමද පීට් ට මුහුන දෙන්නේ.කැන් එහෙම හිතලා සද්ද නොකර එලියට යන්න හදද්දිම පීට් කාමරේ දොර ඇරන් එලියට ආවා..පීට් ටත් හොදටම හිනා . දැන් ඉතින් වෙච්ච දේ වෙලා ඉවරයි . මොනවා කරන්නද ඉතින්..
"Phi can ...පීට් කතාව පටන්ගත්තා.
"අනේ සොරි මන් දැනගෙන හිටියේ නෑ ඔයා ඒ වෙලාවේ ඒ විදියට ඉදීවී කියලා..මන් දන්නවා මගෙයි වැරැද්ද කියන්නෙ නැතුවනේ ඇතුලට ආවේ..මන් මුකුත් දැක්කේ නෑ ඔන්න . ඔක්කොම අමතක කලා..කැන් පීට් ගෙන් බේරෙන්න එහෙම කිවුවත් කැන් තාමත් තනියෙම හිනා වෙනවා 😂..
"අනේ phi අමතක කලා කිවුවනම් හිනා වෙන්නේ මොකෝ..පීට් මුහුන රතු කරන් අහද්දි කැන්ට තවත් හිනා ඉතින්...
"ඒක නෙමෙයි ඔයා...ඔයා...පොඩි ලමයෙක් වගේ..කැන් හෙන හයියෙන් හිනා වෙන්න ගත්තා.
"ඔයා ආපහු ඕක මතක් කලොත් මන් අද රෑට ඔයාට මෙහෙ ඉන්න දෙන්නෙ නෑ. පීට් එහෙම කිවුවම කැන් ඒකටනම් බය වුනා. කැන් ටක්ගාල කට වහගත්තේ පීට් එක්ක ඉන්නම ඕනී වුනු නිසයි .
ඊට පස්සේ දෙන්නම් ඇදට ගියා. හෙට උදෙම yash agency එකට යන්නත් ඕනී නිසා කලින් නිදාගන්න හිතාගෙන . ඒත් කැන්ට මතක් වෙන්නෙම කලින් වෙච්ච දේ..කැන්ට නින්ද යන්නෙම නෑ..කැන් ගෙ හිත හරියට පිස්සුවෙන් වගේ එහාට මෙහාට දුවනවා.එහා පැත්තේ නිදන් ඉන්න පීට් දිහා බලන්න හිත නලියනවා..පීට් ඇදේ එහා පැත්තට වෙලා හිටියා. එයත් නිදි නෑ. දෙන්නා දෙපැත්තට හැරිලා ඉදලා එක පාරටම මූනට මුහුන හැරුනා..
YOU ARE READING
💎 𝗜𝗳 𝗼𝘂𝗿 𝗹𝗼𝘃𝗲 𝗶𝘀 𝘄𝗿𝗼𝗻𝗴 💎
Romanceප්රසිද්ද model කෙනෙකුයි අලුතින් ක්ශේත්රයට ආපු model කෙනෙකුයි අතර ඇතිවෙන ආදර කතාවක්...bl story එකක් . Gay relationship එකක්. එ නිසා කැමති අය විතරක් කියවන්න . මන් මේකෙ ප්රධාන චරිත වලට ගත්තේ Bright , win දෙන්නව. 2gether බලපු ඔයාලනම් දැනටමත් මේ දෙන්න...