If our love is wrong..(08)

905 164 37
                                    

එදා දවස හරිම වේගයෙන් ගෙවුනා වගේ කැන්ට දැනුනේ..එයාට ත් ඕනි වුනේ පීට් එක්ක ඉන්න. පීට් ටත් එහෙමයි.රෑ ට එලියෙන් කෑමත් කාලා දෙන්නා එක්ක අපාර්ට්මන්ට් එකට යද්දි රෑ 10ත් පහුවෙලා.අපර්ට්මන්ට් එකේ කාර් පාර්ක් එකෙ කැන් කාර් එක නතර කලා.ඒත් කැන් කාර් එකෙන් බැස්සේ නෑ...පීට් කල්පනා කලේ බහිනවද නැද්ද කියලා..පීට් කැන් දිහා බැලුවාම කැන් ටිකක් කලබලවෙලා ඉන්නේ කියලා තේරුනා.

"Phi can අපි දැන් යමු නේද ? පීට් බැරිම තැන කැන්ට කිවුවා..පිට් බහින්න හදද්දිම කැන් පීට් ගෙ පැත්තේ දොර ලොක් කරා..

"ඕ..කැන් ඇයි මේ ? පීට් පුදුම වුනා..කැන් පීට් දිහා බැලුවා..ඇත්තම කිවුවොත් කැන්ගේ ඇස් පීට්ගෙ තොල් දිහාවට දිවුවේ එයාටමත් නොදෙනිවයි.පීට් කැන්ගේ ඇස් කියෙව්වා..පීට් හොදටම දැක්කා කැන් එයාගේ lips දිහා බලන විත්තිය.පීට් ගෙ මුහුන රතු වුනේ ඊලගට වෙන්න යන දේ පීට් දන්න නිසයි.කැන් පීට්ගේ මුහුනට ලන් වුනා..පීට්ගේ හුස්ම කැන්ගේ හුස්ම එක්ක එකට එකතු වුනා.කැන් පීට්ව කිස් කරන්න දෙපාරක් හිතුවේ නෑ..කැන් ඒ වැඩේට නම් හරිම දක්ෂ වුනා.පීට් එක්ක ඉන්න හැමවෙලාවෙම කැන් බැලුවේ පීට්ගේ lips  දිහා . කැන්ට පීට් ව කිස් කරන්න හිතුනු වාර අනන්තයි...මොකද පීට් ඒ තරම්ම සිත් ගන්නා සුලු තරුණයෙක් වුනු නිසා.කැන් පීට්ව කිස් කරලා ඉස්සරහා බලාගත්තා.පීට් රතුවෙලා ඉන්නවා දැකලා කැන්ට හිනා ගියා.

"Phi...ඇයි හිනා වෙන්නේ ?

"ඔයා රතු වෙලා..පීට් , කැන් ඔලුව වනලා හිනා වුනා.

"අපි යමුද එහෙනම් කැන් පීට් දොර අරින්න හදද්දි කැන් ආපහු දොර ලොක් කලා.

"ඒ පාර ඇයි..පීට් ඇහුවා.

"කෝ මට ? කැන් පීට් ට එහෙම කිවුවේ කැන් පීට්ගෙන් තවත් කිස් එකක් බලාපොරොත්තු වුනි නිසා.

"මොකක්ද ? පීට්ගෙ පොඩි මොලේට ඒක තේරුනේ නෑ..ඒත් කැන්ට පීට් ගෙන් කිස් එකක් ඕනී විත්තිය කියන්න ලැජ්ජ හිතුනු නිසා නෑ මුකුත් නෑ කියලා කිවිවේ බලාපොරොත්තු අතැරලා දාන ගමන්..ඒත් අන්තිමට පීට් ට කැන් ට කිස් එකක් ඕනී විත්තිය තේරුනු නිසා කැන් පීට් ට බහින්න දොර ඇරිය ගමන් පීට් කැන්ගේ කම්මුලට කිස් එකක් දුන්නා..කැන් ට ඒ කිස් එක එක තප්පරේකට කැන් ඉන්නේ කොහෙද කියන එකත් අමතක කලා. පීට් කැන්ට දීපූ පලවෙනි කිස් එක ඒක .දෙන්නත් එක්ක බැහැලා අපාර්ට්මන් එකට ගියා.පීට් ගෙ ගේ ගාවට ගිහින් කැන් පීට් ගෙට යනකන් බලන් හිටියා.කැන්ට පීට් ව දාලා යන්න ලෝබ හිතුනා.මුලු දවසම ගෙවුවේ අද එයා එක්ක . රෑත් පීට් එක්ක ඉන්නයි කැන්ට ඕනී වුනේ..කැන් අකමැත්තෙන් වුනත් එයාගේ ගෙට ගිහිල්ලා දොර වහගත්තා..

💎 𝗜𝗳 𝗼𝘂𝗿 𝗹𝗼𝘃𝗲 𝗶𝘀 𝘄𝗿𝗼𝗻𝗴 💎Where stories live. Discover now