cute romance❤💫

293 55 87
                                    

"කවුද උඹ!"තමන්ගේ කාමරේට හොරෙන් රිංගපු එකාව මුළු ඇගේම බර දාල මෙට්ටය මතට තද කරන ගමන් ක්‍රිශ් ඇහුවා.එයාට දැනුනා හුරුපුරුදු සුවදක්.ඔව්...නහය විනිවිඳ යන සුවදක්.ක්‍රිශ් ඒ soap සුවදට තවත් ලං වුනේ එක අතකින් table lamp එක on කරන ගමන්.ඒකේ මද ආලෝකයෙන් එයා මුලින්ම දැක්කේ තමන්ගේ මුවට ගෑවෙන තරම් ලගින් ඇස් පියන් තද කරන් පියාගෙන ඉන්න පුංචි බයාදු මුහුණක්.ඒ දසුන ක්‍රිශ්ව අවුරුදු කීපයක අතීතයට අරන් ගියා.කිම් නානා..තමන්ගේම මිතුරා නිසා අහිමි කරගන්න උන ප්‍රථම ප්‍රේමය.තමන්ටම ආවේණික ලැජ්ජාශීලීත්වය නිසා පිටට නොපෙන්නපු ඒ හැගීම්.එදා තරගයක් නොදීම වෙනතක් බලාගත්ත එක ගැන ක්‍රිශ් පසුතැවෙන්න ගත්තේ මේ field එකේ job එක තෝරගත්තට පස්සෙ.අවස්ථාවක් ලැබුනට පස්සෙත් ඒක මගාරින්න තරම් ආත්මශක්තියක් නැති කෙනෙක් වීම ගැන තමන් ගැනම ඇති උනේ පිලිකුලක්.ඒත් එදා දිනාගන්න බැරිවුන ආදරේ අද තමන්ගේ උණුහුමේ.

ඒත් එදා දිනාගන්න බැරිවුන ආදරේ අද තමන්ගේ උණුහුමේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මේක අන්තිම අවස්ථාව.කියන්න තියෙන ඔක්කොම කියලා දාපන්...."ක්‍රිශ්ගේ යටි හිත ගෝරනාඩු කරන්න ගත්තා.හීනලෝකෙදි විතරක් වින්ද හිත පතුලේ ආරක්ෂිතව ඉබියතුරු දමා තැන්පත් කරලා තිබ්බ ඒ ආසාවන් දොරගුළු විවර කරන් පාලනයෙන් මිදෙන්න ගත්තෙ ක්‍රිශ්ටත් නොදැනීම. නානාගෙ මුව වසාගෙන දැඩිව ග්‍රහනය වෙලා තිබ්බ තමන්ගේ අත හෙමිහිට ඉවතට ගත්ත ක්‍රිශ් ඒ සිහින් තොල්පෙති වෙතට ලං උනේ එක අතකින් එයාව තමා වෙතට තවත් ඇදගනිමින්.
අනිත් අත එයාගෙ ගෙල පෙදෙසට ගෙන ගිය ක්‍රිශ් ක්ෂණිකව නැවතුනේ එයාගෙන් ආපු ගැස්මක් නිසා.හැගීම් අස්සෙ අතරමං වෙලා හිටිය ක්‍රිශ් පියවි සිහියට ආවෙ ඒ වෙලාවෙයි.

"Get away from me"සිහින් කෙදිරිල්ලක් වගේ ඇහුන ඒ වචනත් එක්ක ක්‍රිශ් යොමු උනේ නානාගෙ අත දිහාවට.කරන්ට් වැදුන වගේ නිමේෂයකින් නැගිට්ට ක්‍රිශ් table lamp එක off කරන ගමන් එලියට දිව්වෙ කාමරේ දොර මහ හයියෙන් වහගෙන.

The Mission of Teenagers 💖💫Where stories live. Discover now