The art of scaring😂💫

333 64 48
                                    

ක්‍රිශ්, ජීහු එකතු වෙලා කෙල්ලගේ තුවාල වලට බෙහෙත් දාලා පිරිසිදු කලා.ඒක ඉවර වුන ගමන් ජීහු කතා කරන්න ගත්තා.
J:-"මං දන්නෑ ඇයි ඔයා මේවා කලේ කියලා.ඒත් දැන්වත් මෙයාව prison එකට ගිහින් දැම්මොත් හොදයි"

K:-ඒකේ ඉන්න උනුත් එක්ක මෙයාව තියන්නද කියන්නේ?

J:-නැතුව අපිට වෙන තැනක් නෑනේ.අනික මෙයාගෙයි උන්ගෙයි කිසි වෙනසක් නෑ.

K:-කිසි දෙයක් නොදැන කියවන්න එපා

J:-"මොකක්!මෙච්චර සාක්ෂි තියෙද්දිත් ඔයා කියන්නේ....මොකක්ද තමුන්ට වෙලා තියෙන්නේ......."ජීහුගෙ හඩ උස් වෙද්දී අනිත් අයත් එතන්ට ආවෙ මොකක්ද වෙන්නේ කියලා බලන්න.

ජීහු,ක්‍රිශ් කියන්නේ මේ Team එකේ අම්මයි තාත්තයි වගේ.එයාලා හැමදාම එකතුවෙලා හරිම තීරණය ගත්තා මිසක් පොඩි වචන හුවමාරුවක්වත් මීට කලින් වෙලා තිබ්බෙ නෑ

"බොරුවට කෑගහගන්න එපා.අර කෙල්ලට සිහිය ආවොත් අපි ඔක්කොම මාට්ටු"ගෝල් ඕ කිව්වෙ ඒ දෙන්නගේ බහින්බස් වීම නවත්තන්න තමන් ඇර වෙන කෙනෙක් ඉදිරිපත් නොවෙන බව පෙනුන නිසා.අනික ඒ වෙද්දී කිසිම කෙනෙක් mask දාගෙන හිටියෙත් නෑ.එයාලගේ ඇත්ත මූනූ පිට අයදකින එක ආරක්ෂාවට තර්ජනයක් .

"එහෙනම් අපි මුලින් කතාවුනා වගේ එයාව සංයොංට භාර දෙමු"ඒ කායි.

"ඔව්.ඒත් එයාට නිකම්ම යන්න දෙන්න බෑ.එයා හැප්පෙන්න හැදුවේ කාත් එක්කද කියලත් පෙන්නන්න ඕනා"බොබ් කිව්වෙ කායිගෙ උරහිසට අතකුත් දාගෙන.

"අපි කවුද කියලා හෙට පෙන්නමු bro"කායිත් කිව්වෙ ක්‍රිශ්ගේ මූන දිහා කෙලින් නොබලන්න වග බලා ගන්න ගමන්.

ක්‍රිශ්ගේ වැඩි කැමැත්තක් නැති උනත් අනිත් අයගේ කීමට පිටුපාන්න බැරි නිසා එයත් කෙල්ලව prison එකේ තියන්න එකග වුනා.හැබැයි එයා එතන වෙන හැමදෙයක්ම cctv වලින් check කලා.මුළු පැය 24ම ඒක දිහා බලාගෙන කන්න බොන්නවත් සිහියක් නෑ.හැබැයි යොන් හා ගෙන්නම් එයාට බේරීමක් තිබ්බෙ නෑ.එක එක සැරේට ඇවිල්ලා ක්‍රිශ්ගේ දර්ශනපථය අවහිර කරන එකෙන් එයා අමුතුම විනෝදයක් ලැබුවා

"මේ අහන්න.ඔයයි එයයි අතරෙ මෙව්ව එකක් තිබ්බා නේද?"යොන්හා එකපාරටම ක්‍රිශ්ගේ මූන ඉස්සරහට එබෙන ගමන් ඇහුව.

The Mission of Teenagers 💖💫Où les histoires vivent. Découvrez maintenant