01♛ Destiny

1K 138 42
                                    

කතෘ ඇසින් 𓂀
අනාගතයට
.
.
.
.
අදුරු කාමරයක විශාල ලී ඇද අසල ලී පොලවට උරාගෙන වියලුනු තවමත් සෞම්‍ය සුදු රෝස සුවද නිකුත් වෙන තද රතුපැහැති විශාල ලේ පැල්ලම උඩ දිගු වෙලා උලු උනු තියුනු ගන නිය සහිත අත තියාගෙන ඇද මිට්ටමට හේත්තු වෙලා බිම ඉදගෙන ඉදපු ඇල්ෆාට එක පාරටම ලොකු එලියක් එක්ක මුකුත් නොපෙනී ගියා.

එක්වරම සිදුවුන අත්භූත සිදුවීමෙන් තරමක් කලබලයට පත් උන ඇල්ෆා පුදුමෙන් වට පිට බැලුවත් හැම තැනම දිලිසෙන ආලෝකයකින් වගේම සිත සනසවන සෞම්‍ය සුවදකින් මුලු වටපිටාවම පිරිල.ඒත් ඔහුට මේ ස්තානයට ගැන පුංචි මතකයක්වත් නැහැ. ඒ කියන්නෙ ඔහු මෙතනට අලුත්.
         යම්කිසි අන්තරාවක ඉවක් ගැන සොයා බලපු ඇල්ෆා තරමක් පහත් හඩින් ගොරවන ගමන් ඔහුගෙ කලුපාර කලු ඉගිරියාව දීප්තිමත් රක්ත වර්නයට හරවන ගමන් ඉදගෙන ඉදපු තැනින් නැගිට්ටෙ ඕනම දේකට මුහුන දෙන්න සූදානම් වෙමින්. ඒ සමග ඔහුගෙ නිය තව තවත් දිගු වෙනවත් එක්කම ඔහුගෙ එක පෙලට තිබුන දත් වැටිය ක්ශනකයකින් වෙනස් වෙලා රෞද්‍ර වෘකයෙකුගේ විශාල තියුනු උල් දත් සහිත තියුනු උල් දත් වැටියක් බවට පරිවර්තනය වී අවසාන වශයෙන් ඔහුගෙ මුහුනේ පෙනුමත් තරමක් වෙනස් උනේ කන් පෙති වෘකයකුගේ උල් කන් වගේ හැඩ ගැහුනයින් පසුවයි.

ඕනෑම ජීවියකුගේ ප්‍රහාරයකට සූදානම් වෙලා ඉදපු ඇල්ෆගෙ තියුනු රක්ත වර්නයෙන් දිලිසෙන ඇස් පුදුමයෙන් ලොකු උනේ හතරවටින් ගලාගෙන ආපු මීදුම වැනි සුදු දුමාරයක් දෙබෑ කරගෙන ලස්සන කියල නිම කරන්න බැරි අඩි පහලවක් පමන උස විශාල දීප්තිමත් පිරිසිදු හිම සුදු පැහැයෙන් දිදුලන ඔමෙගා වෘක දේනුවක් ඝාම්භීර ලීලාවෙන් ඉස්සරහට ඇවිදගෙන ඇවිත් වික්ශිප්ත උනු ඇල්ෆා ඉදිරියෙන් නතර වෙනකොටයි.
       ඇයට ආරක්ශාව සපයන්න කියල අනුමාන කරන්න පුලුවන් තවත් ප්‍රමානයෙන් කුඩා කලු , තද දුබුරු , අලු සහ ලා දුබුරු මිශ්‍ර කහ වර්නයන්ගෙන් සමන්විත ඔමෙගාවන් හතරදෙනෙන් ඇයට මදක් පිටුපසට වෙන්න හිටගත්ත. ඇල්ෆා නොදැනුවත්වම ඔහුගෙ මනුශ්‍ය ස්වරූපයට පත් වෙනවත් එක්කම ඔමෙගා වෘක දේනුව ඉතාමත් රූබර දිදුලන සුදු පැහැති සමක් සහිත පියකරු පිරිපුන් නමුත් සිහින් සිරු‍රක් ඇති රිදී පැහැති මල් කිනිසි වලින් වැඩ දැමූ දිව්‍යමය සුදු සේද සලු වලින් සහ සුදු රත්‍රන් ආබරන වලින් සැරසුනු අප්සරාවක් බවට පරිවර්තනය උනා.

༒ MATES ༒ || ᵒⁿ Going Where stories live. Discover now