27 ♛ Autumn - II

122 27 70
                                    

ග්‍රීශ්ම සමය උදාවෙලා දෙවනි පුන්සද උදාවෙන්නත් දින ලං උනා. නමුත් ග්‍රීශ්ම සමයෙ දෙවන මාසයේ පරිසරයේ ඉහල යන රස්නය නොතකා ජොන් පෙලපත් වාසීන් ඇවිස්සුන කඩිගුලක් වගේ අද වීදි පොලට එකතු වෙලා.

සෑම වසරකම දසවෙනි මාසයේ දෙවනි සතියේ ආරම්බයේ සිට බොහොම ඉහලින් සහ සරු සාරව වීදි පොල සතියක් හෝ දෙකක් පුරා පැවැත්වෙනව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සෑම වසරකම දසවෙනි මාසයේ දෙවනි සතියේ ආරම්බයේ සිට බොහොම ඉහලින් සහ සරු සාරව වීදි පොල සතියක් හෝ දෙකක් පුරා පැවැත්වෙනව. හේතුව නම් චාරිත්‍රානු කූලව සෑම වසරකම එකලොස් වන වනපුරසද උදාවන දිනයේදි සෑම පෙලපතකම වොල්ග්වන්ග් මංගල්‍යයය පැවැත්වෙනව. ඉතින් මෙම වසරේ ජොන් පෙලපතේ සංවාසයට එක් වෙන යොවුන් පිරිමි ඇල්ෆාවන් සහ බීටාවන් ඔවුන් විසින් සාදන ලද නව නිවසට බඩු බාහිරාදිය සහ ඇදුම් ආයිත්තම් මිලදීගන්නව.   යොවුන් ඔමෙගාවන් සහ ගැහැනු බීටාවන් ඔවුන්ගෙ ස්වාමිපුරුෂයා විසින් සාදපු නව නිවාසය සරසන්න අවශ්‍ය සියලුම ආයිත්තම් සහ ඔවුන්ට නව ඇදුම ආභරන සල්පිලෙන් මිලදී ගන්නව.

             එලෙසම වොල්ග්වන්ග් මංගල්‍යයට සහබාගී වන සෑම යුවළක්ම ඔවුන්ගෙ මංගල ඇදුම ආයිත්තම් සහ නව ආභරන මිලිදීගැනීමත් නොවරදවාම මෙම කාලයේදි සිදු කරනව. ඉතින් මේ කාලය තුල මහා වීදි පොල අලංකාර ආභරන ඇදුම් සහ සලුපිලි වලින් පිරිල ඉතිරිල යන එක සාමාන්‍යයයි වගේම එම කාලය පෙලපතේ සියලුම ඔමෙගාවන් සහ ගහැනු බීටා පක්ශය උමතු කරවන කාලයක් වන එක ගැන විවාදයක් නැහැ.

" ජිමින් ! "ගමේ සියලු දෙනාම වගේම  ඔමෙග ජිමින් සමග වීදි පොල තුලින් ගමන් කරමින් ඉදපු ඔමෙග තේහ්‍යුන්ග් ජිමින්ව එක් කුඩා කඩයක් ලගින් නවත්වලා කුමක් හෝ මිලිදීගන්න ගොසින් නැවතත් පැමිනිලා ඔමෙග ජිමින් පිටුපසින් හිටගෙන ආබරන වගයක් පිරික්සමින් ඉදපු ඔමෙග ජිමින්ට කතා කලා.

༒ MATES ༒ || ᵒⁿ Going Where stories live. Discover now