44 ᨖ Pain of Love

94 19 48
                                    

කතෘ ඇසින් 𓂀
වර්තමානය
.
.
.

නොදැනීම මාසයක කාලයක් ගෙවිල ගියේ වේගෙන් හමාගෙන යන සුලගක් වගේ. මසක කාලය තුල ඇල්ෆ ඔහුගෙ කුඩා නිවසෙ මූලික ගොඩනැගීම් සහ අත්තිවාරම් ගොඩනගා අවසන් කලා.

නමුත් ඒ කාලය පුරාවට ඇල්ෆා සහ ඔමෙග ජිමින් අතර තිබූ දුරස්ත තාවයෙ කිසි වෙනසක් සිදු උනේ නැහැ. එදා සිදුවීමෙන් පසුව ඔමෙග තවත් ඇල්ෆගෙන් ඈත් උනා කිව්වොත් හරි. ඇල්ෆට ඔමෙග සමග තනිවෙන්න හැකි මොහොතක්වත් ඇල්ෆට හොයාගන්න බැරි උනා. ඇත්තටම ඔමෙගට ඇල්ෆ සමග තනි වෙන්න සිදුවෙන අවස්තාවල් උදා වෙන්න ඔමෙග ඉඩක් දුන්නෙ නැහැ.

ඔහු බොහෝ විට උදයේ ඉදන් රාත්‍රිය වෙනකන්ම ඔමෙග තේහ්‍යුන්ග් සමග වෙදදරු කුටියේ ඇල්ෆ ජන්ග්ට උදව් වෙමින් ගත කලා. නැත්නම් ඔහුගෙ මවට උදව් වෙමින් මව සමග කාලය ගත කලා. පවුලේ සැවොම එකට එකතු වන රාත්‍රී කෑමවේලිදි පවා ඔමෙග පුලුවන් තරන් ඇල්ෆව මගහැරිය.

ඇල්ෆට එය වෙනස් කරන්න කොපමන අවශ්‍ය වුවත් ඔහුට එය කිරීමටත් හැකියාවක් ලැබුනෙ නැහැ.

ඉතින් ඒ විදියට මාසයක කාලයක් ගත වෙලා වසන්තයේ පලමුවෙනි පුරහද දිනය උදා උනා. ඒ දිනය පෙලපතේ සියලුම දෙනාට බොහොම වැදගත් දිනයක්.

පෙර සදහන් කල ලෙස ,

වසන්ත කාලය ආරම්බ වූ පසුව උදාවන පලමු පුරහද දිනයෙදි පෙලපතේ වයස් කුල බේදයකින් තොරව සියලුම දෙනා නව ආරම්බයක් වෙනුවෙන් අලුත් සලුපිලි වෙලින් සැරසිලා ගම මද්‍යයේ තිබෙන සබා පිටියට රැස් වෙන එක චාරිත්‍රයක්. එදිනට ගමේ සියලුම දෙනාට රැලේ ඇල්ෆා සහ ලූනගෙ මැදිහත් වීමෙන් විශාල රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබා දෙනව. භෝජන සංග්‍රහයට පසුව සියලුම දෙනා සබා පිටියෙහි ඉදි කරපු විශාල ගිනිමැලය වටා එකතු වෙන්නෙ තවත් සුවිශේෂී උත්සවයක් උන පේබෙක් සිරිත්කරය පවත්වන්නයි.

පේබෙක් සිරිත්කරයෙදි ගෙවුනු සීත ඍතුව අවසන් වනකොට පරිණත වී තමන්ගෙ වෘක වේශය ලබා ගනිමින් වෙස් පෙරලීමට හැකියාව ලබාගත් පිරිමි ඇල්ෆාවන් සහ බීටාවන් ඔවුන්ගෙ වසර ගනනාවක පුහුනුව අවසන් කරල පෙලපතේ ඇල්ෆාවෙක් හෝ බීටාවෙකු ලෙස තමන්ගෙ නියමිත ස්තානය ලබාගැනීමත් ,පෙලපතට සේවය කිරීමට ප්‍රතමයෙන් සහකරුවෙකු හෝ සහකාරියක් තෝරාගැනීම අනිවාර්ය නොවුනත් සිරිතක් වන නිසා ඔවුන්ගෙ නව ජීවිතය ආරම්බ කිරීමට සහකරුවෙක් හෝ සහකාරියකගේ අත පැතීමත් සිදු කරන්නව.

༒ MATES ༒ || ᵒⁿ Going Dove le storie prendono vita. Scoprilo ora