Sooa's pov
තනිකම.....පාළුව...මේ දේවල් අඩුවක් පාඩුවක් නැතුවම මගේ ජීවිතේ පිරිලා තියනවා.ජීවිතේ එක දෙයක් මට ලැබෙනකොට ගොඩක් දේවල් නැතිවෙන එක...
ඒක මට දැන් සාමාන්‍ය දෙයක්...ඔව්,මට දැන් එක පුරුද්දකට ගිහින්.......ගොඩක් දේවල් මගේ ලග තිබුනත් ඕනෑම දේවල් මගේ ලග නැහැ.පිටතින් බලන අය කියාවි...මොනවයින්ද ඔය කෙල්ලට අඩුපාඩුවක් තිබුනේ කියලා.......
මොන තරම් වාසනාවන්ත කෙල්ලෙක්ද?
මගේ මේ කන් දෙකටම ඒවා ඇහිලා ඇති...මනුස්සයෙක්ගේ භාහිර රූපෙන් ඒ කෙනාව මනින්න පුලුවන්ද?
අද හැමොමම වගේ කරන්නේ ඒ දේ නේ......?
ඔව්, මම සූආ...........a perfect lotus flower ....
නමේ තේරුම නම් එකයි.......එත් ඒ නම මට ගැලපෙනවද නැද්ද කියන එක තීරණය කරන එක....ඒක ඔයාලට භාරයි......
Choi Sooa කොරියාවේ ප්‍රසිද්දම හෝටල් ජාලයේ එක උරුමක්කාරයෙක්ගේ එකම දුව......ඔව්,ඒ මම තමයි....එතකොට බලනවා ඇති මොන විකාරයක්ද මම මේ හිතන්නේ කියලා......
එත් මගේ අප්පා ඒ හැමදේම අත ඇරලා...එයාගේ පාඩුවේ fashion designing company එකක් කරගෙන හිටපු කෙනෙක්.
ඔව්,හිටපු කෙනෙක්......මගේ ඔම්මා....seonsaengnim(teacher) කෙනෙක්....අපි හරිම පාඩුවේ ජීවත් වුනත්..එකම එක දවසක් හරියටම අවුරුදු 17කට කලින් සිද්දවුන දෙයක් නිසා මගේ ජීවිතේම කණපිට ගැහුනා.
එදා මාව දාලා ඉක්මනට ආයෙමත් එනවා කියපු ඒ දෙන්නා ආයේ කවදාකවත් ආවේ නැහැ.අවුරුදු 3ක ළමයෙක් වුන මම.....මේ ලෝකේ තනිවුනා.....
එදා සිද්දවුන ඒ accident එක නිසා මම මේ ලෝකේ ඒ විදියට තනිවුනා.අන්තිමට මගේ අප්පාගේ හ්‍යුන්ග් මාව භාර ගත්තා.ඒ මට ආදරය නිසාද?
ඔව්,මම හිතුවෙත් එහෙමයි.ඒත්....මටත් හැමදේම තේරුනේ කාලයත් එක්ක.එයාට එහෙම කරන්න සිද්දවුනා.මම අයිතිවුන පවුල...හ්ම්.....Choi family කොරියාවේ ප්‍රසිද්ද වගේම ගොඩාක් පිලිගැනීමක් තියන පවුලක්...ඔව්, ඒ නිසාමයි මගේ අප්පාගේ හ්‍යුන්ග්ට මාව අතාරින්න බැරිවුනේ.....
නම්බුව අන්න ඒ දේ අපේ මේ පවුලේ මිනිස්සුන්ට හැමදේටම වඩා වටිනවා.තමන්ගේ මල්ලිගේ දුවව ඇතෑරලා දැම්මා කියලා සමාජේ ඉස්සරහා හෑල්ලුවට ලක්වෙන්න බැරි නිසාම...ඔව්,මාව හදා ගත්තා.
YOU ARE READING
Be My Hope(short ff)
Fanfictionජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක්.සමහර දේවල් ලැබෙනකොට ගොඩාක් දේවල් එකපාරටම නැතිවෙලා යනවා. මගේ ජීවිතෙත් අන්න ඒ වගේ. පිටතින් පේන්නේ සැපට හැදුන හරි ලස්සන කෙල්ලෙක් කියලා....... ඒත් ඇත්තටම මම ඒ වගේද? ඒක මටවත් තවම තේරෙන්නේ නැහැ. Abuse......ඒ වචනේ ගොඩක් බරපතල...