Hoseok's pov
මම dorm එකට එන මග දිගටම කල්පනා කර කර ආවේ මට ඒ අහම්බෙන් හම්බවුන ඒ දගකාර පණ්ඩිත කෙල්ල ගැන.ඒ වගේම එයා ඒ කියපු හැම වචනයක් වචනයක් පාසම මට හොදට දැනුනා.මම ඒ හැම දේම ගැන හොදට කල්පනා කර කර ආවත්,සැරින් සැරේට මතක්වෙන ඒ කටකාර වචන මගේ මූනට ගෙනාවේ හිනාවක්.
ජීවිතේ අත ඇරලම දාපු මට එයා ජීවිතේ හොයලා දුන්නා.අලුත් බලාපොරෝත්තුවක් දුන්නා.ජීවිතේට එන ප්‍රශ්නවලට මැරෙන එක එකම විසදුම නොවන එකත් ඒකට හොදම දේ ජීවත් වෙන එක බවත් එයා මට කියලා දුන්නේ හරිම ලස්සන විදියට.
ඔව්,ඒ කියපු දේවල් ඇත්ත,අපි දකින්නේ අපිට නැති දේවල් විතරයි.ඒ දේවල් වලට පසුතැවි තැවී ඉන්නකොට අපිට අපේ ලග තියෙන ඒ වටිනා දේවල් මගෑරිලා යනවා.ඊට පස්සේ ඒ ගැන හිත හිතා දුක් වෙනවා.ඒක කිසිම තේරුමක් නැති දෙයක් කියලා එයා මට කියලා දුන්නා.
අපේ ලග තියන දේවල්වලට ආදරේ කරන්න,තියන දේවල් වලින් සතුටු වෙන්න එයා මට කියලා දුන්නා.
මම ගැනම අවතක්සේරුවෙන් හිටපු මට මාවම මතක් කරලා දුන්නා.ඔව්,මට මාවමත් අමතක වෙලා තිබුනේ......
ඒ හැම දේම මැද ඒ හුරතල් කටකාරකම්......මට ආයෙත් හිනා ගියේ මගේ හිත හොදටම සැහැල්ලු කරලා.මට දැන් දැනෙන්නේ මම අයෙමත් ජීවත් වෙනවා වගේ.හරියටම ආයේ අලුතින් ඉපදුනා වගේ.....
ඔයා කිව්වේ ඇත්ත,හැමදේකම හොද දැක්කම අපිට දුක්වෙන්න කිසි හේතුවක් නැහැ.හිතට දැනෙන්නේ අසීමිත සැහැල්ලුවක් සැනසීමක්....
මට ඒ දේ කියලා දුන්නට ඔයාට ගොඩක් ස්තූතියි......අහම්බෙන්වුනත් මට ආයෙත් ජීවිතේ දුන්න හන් ගඟ ලග සුරන්ගනාවී.....හෙටත් එනවා නේද ඔයා?මට ජීවිතේ කියලා දෙන්න.එන්න අනිවාර්යෙන් මම බලන් ඉන්නවා.මම එහෙම හිත හිත හිනාවෙවීම dorm එකේ දොර ඇරියා.
YOU ARE READING
Be My Hope(short ff)
Fanfictionජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක්.සමහර දේවල් ලැබෙනකොට ගොඩාක් දේවල් එකපාරටම නැතිවෙලා යනවා. මගේ ජීවිතෙත් අන්න ඒ වගේ. පිටතින් පේන්නේ සැපට හැදුන හරි ලස්සන කෙල්ලෙක් කියලා....... ඒත් ඇත්තටම මම ඒ වගේද? ඒක මටවත් තවම තේරෙන්නේ නැහැ. Abuse......ඒ වචනේ ගොඩක් බරපතල...