පසුවදන

312 60 99
                                    


මුලින්ම කියන්න ඕන මේ කතාව කියවලා ඔයාලට දැනුනේ නිකම්ම නිකන් love story එකක් නම්, Author කෙනෙක් විදියට මම අසාර්ථකයි.මොකද මම මේ කතාව ලිව්වේ ඒකට නෙවෙයි.

මේ කතාව කියවලා කෙනෙක් ජීවිතේට දෙයක් ගත්තා නම් ඇති.මම ඇයි මේ කතාවට love story එකක්ම තෝරාගත්තේ.මම කතාවේ තැන් දෙක තුනකම කියලා ඇති.මිනිස්සුන්ට මේ ලෝකේ හොදටම දැනෙන හැගීම් දෙකයි.එකක් ආදරය,අනික ඒ ආදරේ අනිත් කෙලවර තියන විරහව.ආදරේ ප්‍රේමවන්තයා ප්‍රේමවන්තිය කියන රාමුවට කොටුවෙන්නේ නැහැ.දෙමාපිය දූදරු සහෝදර සහෝදරියෝ යාළුවො...මේ ඕනෙම ආකාරයකට තියෙන්න පුළුවන්.ඒ වගේම විරහව.

ඒත් මේ කතාව කියවන බහුතරයක් 18 හෝ ඊට අඩු ළමයි.ඒ කියන්නේ නව යෞවන කාලේ ඉන්න ළමයි.මේ කාලේ ඒ හිත්වලට ලොකුවටම දැනෙන හැගීම මම මේ කතාවෙන් අදහස් කරපු ආදරේ ප්‍රභේදය.ඇත්ත ඒකනේ.ඉතින් මම ඒ දේ භාවිතා කළා කිව්වොත් හරි.ඒ වගේම මම ආසාවෙන් හිටියේ හොබිට කතාවක් ලියන්න.එක ගලින් කුරුල්ලෝ දෙන්නයි.

දැන් කෙලින්ම කියන්නම්කො.මේ කතාවේ සූආ මේ ලෝකේ වගේම ලංකාවෙත් ඕනෑතරම් සූආලා ඉන්නවා.ඒ වගේම ගායෝන්ලා.ඇත්ත නම් මේ ඒ වගේ දෙන්නෙක්ගේ ඇත්තම කතා ඇසුරෙන් මම ටිකක් අතින් දාලා ලියපු කතාවක්.ඒත් මම දන්නේ නැහැ හොබිලා ජින්ලා යුන්ගිලා මේ අය ලංකාවේ තියා ලෝකෙවත් ඉන්නවද කියලා.ඕනෙම කෙල්ලෙක්ගෙ හිතේ ඉන්නේ ඒ වගේ ආදරයක්,තමන්ව පරිස්සම් කරන කෙනෙක්.මම ඒ ආදරේ පිරිමි ළමයෙක් කියලා කොටු කරන්නේ නැහැ මොකද ඒ දේ තෝරාගන්න අපි ඕනෑම කෙනෙක්ට නිදහස තියනවා.

මේ කතාවේ ඉන්න සූආ මැරෙන්න හේතු දාහක් තියෙද්දී ජීවත්වෙන්න එක හේතුවක් හොයනවා.අන්න ඒකයි ජීවිතේ.මම කියලා තියනවා අපිට තියන දේ තව දහස් ගානකට නැහැ.

මිනිස්සු කියන්නේ හරි අමුතු සත්ව කොට්ටාසයක්.කිසිම දෙකින් සෑහීමකට පත්කරන්න බැහැ.තමන්ට නැති දේ මත්තෙමයි නහින්නේ.ඒත් තමන්ගේ ලග තියන වටිනා දේවල් පෙන්නේ නැති තරමට ආසාවෙන් මත්වෙලා මිනිස්සු අන්ධ වෙලා යනවා.ඒ දේවල්වල අගය දැනෙන්නේ ඒ දේවල් නැතිවෙද්දී.ඒ නිසා දෙයක් කෙනෙක් ලග ඉදිද්දී ඒ දේවල් වලට ඒ කෙනාට ඒ තැන ආදරේ වටිනාකම දෙන්න පස්සට පසු තැවිලි නොවෙන්න.තමන්ගේ ලග තියන දේ දිහා බලලා සතුටු වෙන්න.ඒ දේවල් ලැබෙන්න ඔයා මොනතරම් වාසනාවන්තද කියලා හිතන්න.පොඩි දෙයිනුත් සතුටුවෙන්න.සරලකමේ තමා ජීවිතේ සතුට තියෙන්නේ.වර්තමානයේ ජීවත් වෙන්න.ඒ වගේම තමන්ගේ අයව පරිස්සම් කරන්න.ඒත් ඒ අයට යන්නම ඕන නම් යන්න දෙන්න.කිසිම කෙනෙක් බලෙන් තියාගන්න එපා.

Be My Hope(short ff)Where stories live. Discover now