1 වන දිග හැරුම...

37 4 2
                                    



කෙල්ලෙක්ගෙ ජීවිතේ වටිනාම දවස ඔව් එයා කසාද බදින දවස...අද මගෙ ජීවිතේ ඒ දවස උදා වෙලා..මං නමින් කියනවනම් හිමදි..උඩරට මනාලියක් විදියට ඇදලා මාල හත දාලා අද මං ලෑස්ති වෙලා ඉන්නෙ ඒ මගෙ අලුත් ජීවිතේට පියවර තියන්න..ඒත් ඒ මගෙ අවුරුදු 7ක් පුරාවට ආදරේ කරපු මගෙ සචින් එක්ක නෙවේ..අප්පච්ච්ගෙ කීමට ඒ ආදරේ අත ඇරලා දාලා නොදන්නම කෙනෙක් එක්ක..මොකද මං අප්පච්ච්ගෙ පණ..දුවලාම තුන් දෙනෙක් ඉන්න මගෙ අම්මගෙයි අප්පච්ච්ගෙයි වැඩිමල් දුව මම එයාලට විරුද්ධ උනත් මම අන්තිමට අසරණ උනේ අප්පච්ච් මගෙ මුරණ්ඩුකම නිසාම අසනීප වෙන්න ගත්ත නිසා...
සචින් කියන්නෙ මං ඉස්කෝලේ කාලේ ඉදන් ආදරේ කරපු..මාව එයාගෙ පණටත් වඩා රැක්ක මගෙ පණ ටික..එයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්නම් කියලා ඒ අවුරුදු 7 පුරාවටම මං කොච්චරනම් දිව්රලා ඇත්ද ..ඒත් අද අප්පච්ච්ගෙ අසනීප ඉස්සරහ මං බොරු පොරොන්දු කාරියෙක් වෙලා..ඔව් සචින් මේ හිමදි ඔයාට අදටත් පණටත් වඩා ආදරෙයි..ලෝකෙට ඇහෙන්න ඒක කෑගහලා කියන්න පුලුවන්නම් මං ඒක කියනවා මගෙ පණ...ඒත් ඇයි අප්පච්ච් මට මෙහෙම කරන්නෙ..සචින්ට අකමැති වෙන්න එකම හේතුව එයාගෙ අම්මා..එයාගෙ අම්ම එයාලගෙ ගමේ රෙදි නැන්දා විදියට වැඩ කරලා තියෙනවා ගොඩක් කාලෙකට කලින් තාත්තත් නැතුව සචින්ව පොඩි කාලෙ ඉදන් අම්මා සචින්ව හදා වඩා ගෙන තියෙන්නෙ ඒ හම්බුන සොච්චමෙන්...මගෙ අප්පච්ච් සච්න්ගෙ දකින් එකම වැරැද්ද විදියට මට පෙන්නලා දෙන්නෙ ඒ මදි පුංචි කම...

ආදරේට කුල බේද උස් මිටි කම් නැහැයි කියලා කව්රු කිව්වත් මට මගෙ සචින්ව කවදාවත් අයිති වෙන්නෙ නෑ..ඒ අසාධාරණකම එක්ක මං අද පෝරුවකට නගිනවා නොදන්න මනුස්සයෙක් එක්ක..අවුරුදු 7ක් පුරාවටම මගේම උන මගේම ආදරේ පාවලා දීලා..මගේ පණ මට සමා වෙන්න වස්තුවේ..මං මේ දේ කරනනෙ මගෙ අප්පච්ච්ගෙ කීමට අදටත් මේ හිමදි ඔයාට පණටත් වඩා ආදරෙයි..මගෙ අප්පච්ච්ගෙ ජීවිතේ අනතුරේ වැටෙනවා බලන්න බැරි නිසයි මගෙ පණ මං මෙහෙම කරන්නෙ..මං අසරණයි මේ වෙලාවේ මට සමාවෙන්න..මං තාමත් ආදරෙයි ඔයාට ඉස්සර වගේම....

"ලොකු ලොකූ බලන්නකෝ මගෙ කෙල්ලගෙ අද ලස්සන"

ඒ වචන ටිකත් එක්කම පියවි සිහියට ආපු මම දැක්කේ මං දිහා බලන් ඉන්න අප්පච්චව..අප්පච්චි කදුලු දකින්න කලින් මූන ගංගත්තු මන් හිනා උනේ අහක බලාගෙනම බොරුවට...යමු යමු පරක්කු වෙනවා..මනමාලි හැඩ බැලුවා ඇති..යමු යමු එතනට ආපු අම්මා කතා කලා..ඕන දෙයක් වෙද්දෙන් කියලා මමත් අම්මත් එක්කම හෝටලේ කාමරෙන් එලියට ආවෙ නැකැත් වෙලාව හරි කියපු නිසා..

හිම කැටේ දෝ මා....Where stories live. Discover now