6 වන දිග හැරුම

11 3 0
                                    

හිම කැටේ දෝ මා

එක පාරටම කාර් එකෙන් බැස්ස ශනුද් ආවෙ මං ගාවට..

"තමුසෙ මොකද මෙතන..."

ශනුද් මගෙන් එහෙම ඇහුවෙ සචින් දිහා මරාගෙන කන්න වගේ බලාගෙන...
"බ..බස් තිබ්බෙ නෑ ශනුද් ..."මගෙ කටහඩත් වෙව්ලනවා..ශනුද් සචින්ට ගහයිද ...අනේ දෙයියනේ ඒහෙම දෙයක්නම් වෙන්න එපා..අනේ...දෙවියනේ මට උදව් කරන්න...

"මොනාද බලන් ඉන්නෙ නගිනවා කාරෙකට..." ශනුද්ගෙ කටහඩෙන් ගැස්සිලා ගිය මං දෙපාරක් නොහිතා නැග්ගෙ කාරෙකට මොනා වෙයිද කියන බයටම...

සචින් කාර් එක start කරනවා මං අහගෙන...සචින් ගිහින් විනාඩි 5කට පස්සෙ ශනුද් කාර් එකට නැගලා ශීට් එකට ගහගෙන ගහගෙන ගියේ මාත් එක්ක තියෙන තරහ පිට කරනවා වගේ...

ඒත් එක්කම කාර් එක start කර ගත්තු ශනුද් කාර් එක drive කලේ පුදුම වේගෙකින්...

"බහිනවා...මං එන්න වෙලා යනවා කියලා අම්මලට කියනව.."

මාව ගේ ගාවින් දාපු ශනුද් එහෙම කිව්වා...

"ඇයි ඔයා කොහෙද යන්නේ..."

"තමුසෙ කවුද මගෙන් ප්‍රශ්න අහන්න යනවා දැන්..."

මට එහෙම කිව්ව ශනුද් කාර් එක drive  කරන් ගියේ ආවටත් වඩා වේගෙකින්...
අනේ මොකක්ද දෙයියනේ මේ උනේ මං කිව්ව සචින් මගෙන් ඈත් වෙලා ඉන්න කියලා..ශනුද් දැන් ඉතින් මාව සැක කරයි..මාව ඉතුරු කරන එකක් නෑ අදනම්...

ගේ ඇතුලට ගියපු මං තෙත ඇදුම් ගලවලා දාලා ඇග හෝද ගත්තේ ඉස්සරහට මොනා වෙයිද කියලා බයෙන්ම...

ශනුද් ගිහින් දැන් පැය 2ක් විතර තාම ආවෙ නෑ...කොහෙ ගියාද මොකට ගියාද කියන්න මං දන් නෑ...අනේ සචින් ඔයා හොදින් නේද...මට බයයි දෙයියනේ ...

රෑ12ට විතර ශනුද් අවේ කෙලින් ඉන්න පණ නැතුව...දෙයියනේ ශනුද් හොදටම බීලා..කොහොමද මෙයා මෙහෙම කාර් එක  drive කලේ මට හිතා ගන්නත් බෑ...

හිමදී මෙහෙම එනවා...තමුසෙ කාත් එක්කද අර මං එද්දි හුරතල් වෙවී හිටියේ කියපන් මට...කියපන්...කවුද ඒ බල්ලා...ගෑනු පෙරේතයා..

මේ සද්දෙට දුවගෙන ආවෙ අම්මා ඇහැරුන නිසාම..මොකද මේ පුතේ මොකද මේ...

කෝ හිමදි එන්න කියපිය ඒකිට..අද ඕකි මගෙන් මැරුම් කනවා...එහෙම කියද්දිම එතන හිටපු මාව ඇදලා ගත්ත ශනුද් අල්ල ගත්තේ මගෙ කොණ්ඩෙන්...වරෙන් යන්න වරෙන් යන්න..

අත අරින්න ඔය කෙල්ලව..කෙල්ලට පාඩුවෙ ඉන්න දෙන්න මේ ලමයට..එහෙම කිව්ව අම්ම ශනුද්ට කම්මුල් පාරක්  ගැහුවා...

අනේ අත අරින්න ශනුද් මට රිදෙනවා...අනේ අත අරින්න..මං කෑ ගැහුවේ වෙන කරන්න දෙයක් නැති නිසා...

අත අරින්න..අහ් අද තමුසෙව මං අත අරින් නෑ වරෙන් යන්න..එහෙම කිව්ව ශනුද් මාවත් ඇදගෙන ගිහින් අපේ කාමරේ දොර වහ ගත්තෙ අම්මා දොරට ගහද්දිමයි..මේ හැමව්දෙයක්ම ශෙනායා දැක්කත් එයා නොදැක්කා වගේ ගහින් එයාගෙ කාමරේ දොර වහ ගත්තා...

අනේ ශනුද් ඒ මගෙ යාලුවෙක් ...වැස්ස නිසා කතා කලේ මාත් එක්ක..මට ඉන්න දෙන්න පාඩුවෙ..මං වැරැද්දක් කරලා නෑ

මං මෙච්චර කල් උබට අතවත් තිබ්බෙ නැති නිසා වෙන්න ඇති නේද් උබ වෙන එව්න්ගෙන් ඒව බලාපොරොත්තු වෙන්න යන්නෙ..හිටපන් අද උබට මාත් කරලා පෙන්නන්නම්..මටත් කරන්න පුලුවන් හරිය..එහෙම කිව්ව ශනුද් මං ඇදන් හිටපු ගවුම ඉරල දැම්මේ..එයාගෙ අයිතිය මගෙන් ගන්න ගමන්...

මට පාඩුවෙ ඉන්න දෙන්න ශනුද් අනේ...

"පාඩුවේ ඉන්න අපි බලාගමු අද"

අප්පච්ච් මේ මොකක්ද මට උනේ අප්පච්ච් අනේ මාව බේර් ගන්න අප්පච්ච්....මෙයාට මාව නීත්‍යානුකූලව අයිති උනත් මෙයා මේ මට කරන්නෙ බලහත්කාරකමක්...

මොකද මේ තියෙන්නෙ නියම ආදරේක බැදීමක් නෙවේ..අනේ අප්පච්ච් මං අසරණයි ..ඔයාගෙ පණට මේ මිනිහා කරදර කරනවා අප්පච්ච...

ශනුද්ගෙ මත් උන තොල් එක්ක මං පොර බැන්දෙ මට ගැලවීමක් නැති බව දැන දැනමයි....

ඒ එක්කම මාව කැරකෙන්න වගේ ගත්තේ මාව ඇද උඩට වැටෙනකොටමයි....

7වන දිග හැරුමෙන් හමු වෙමු❤️

හිම කැටේ දෝ මා....Where stories live. Discover now