7 වන දිග හැරුම

16 2 0
                                    

හිම කැටේ දෝ මා..

"හිමදි දුවේ ඔයාට කොහොමද දැන්.."අම්මගෙ කටහඩට ඇස් දෙක අරින්න උත්සාහ කලත් නට ඇස් දෙක ඇරගන්න බෑ..ඔලුව පැලෙන්න වගේ රිදෙනවා...බොහොම අමාරුවෙන් ඇස් දෙක ඇරපු මං දැක්කෙ මං ඉස්සරහ මං ගාව ඇදේ ඉදන් ඉන්න අම්මව...

"අම්මේ මට මොකද උනේ..."

'දූට කලන්තෙ දාලා...මං ඇවිත් බලද්දී දූට හොදටම උණ...උදේ doctor  ඇවිත් බෙහෙත් දුන්නා...දූ බෙහෙත් ටික බොමුද අපි..."

"කෝ අම්මෙ ශනුද්..."

"ඔය ඉන්නෙ ඉස්සරහට වෙලා...බීගෙන ඇවිත් නටපු පිස්සු මං මතක් කරලා දුන්නා උන්දැට.."
එහෙම කියද්දිම කාමරේට ආවෙ ශනුද් ...
"මං යනවා අම්මා office එකෙන් කෝල් කලා..."
එහෙම කිව්ව ශනුද් යන්න ගියා....ඵෝන් එක අතට ගත්තු මන් වෙලාව බැලුවේ  bank එකට call එකක් ගන්න ඕන නිසාමයි...

වෙලාව 11.34යි.. දෙයියනේ මං එච්චර වෙලා නිදා ගෙනද...

ඊයෙ රෑ උන දේවලුත් එක්ක මට ශනුද් දිහා බලන්නත් අප්පිරියයි...අම්මා දුන්න බෙහෙත් ටික බිව්ව මං නිදා ගත්තේ 1ට් විතර නැගිටිනවා කියල හිතා ගෙනමයි...

මට ඇදෙන් නැගිට ගන්න බෑ..ඒ තරමට උණ...එහෙම්මම නිදා ගත්තේ අම්මා කිව්ව නිසාමයි...
මං නැගිටිනකොට ශනුද් ගෙදර ඇවිත්....මට ඒ වෙද්දිත් හොදටම උණ...කාමරේට ආපු ශනුද් ඇදේ හිටපු මං දිහා බැලුවේ මේ ලෝකෙ තියෙන ලොකුම වැරැද්ද මං කරලා වගේ...

"තමුසෙට අඩු නැත්නම් hospital  එකට යන්න ලෑස්ති වෙනවා.."

"නෑ ම..මට අඩුයි.."මං එහෙම කිව්වෙ hospital  ගානෙ යන්න තිබ්බ අකමැත්ත නිසාමයි...
මං එහෙම කියද්දිම මං ගාවින් ඇවිත් වාඩි උනේ ශනුද් ...මගෙ නළලට අත තිබ්බ ශනුද්

"තමුසෙගෙ ඇග තාම රස්නෙයි..පණ්ඩිත නොවී එනවා යන්න..."

"මට බෑ..."

මං එහෙම කියද්දිම මං ගාවින් නැගිට්ට ශනුද් බිත්තියට අත මිට මොලෝලා ගහගෙන ගහගෙන ගියේ ඊයෙ රෑ තමන් අතින් සිද්ධ උන වැරැද්දට පසු තැවෙනවා වගේ...

රෑ වෙද්දිනම් මට පොඩි සනීපයක් දැනුනා..ඒ නිසා ඇදෙන් නැගිටලා අම්මට රෑට කෑම හදන්න උදව් කලේ ලේලි විදියට මගෙ යුතුකම් හරියට ඉටු කරන්න ඕනෙ නිසාමයි...

"දූ යන්න මහන්සි වෙන්න එපා...මට මේ වැඩ ටික කරන්න පුලුවන් ...."

"කමක් නෑ අම්මේ මට දැන් හොදයි..."

එහෙම  කිව්ව මං තම්බලා තිබ්බ බිත්තර ටික ගත්තෙ නූඩ්ල්ස් කන්න අම්මා බිත්තර හොද්දක් හදන්න ලෑස්ති කරලා තිබ්බ නිසාමයි...ඒත් එක්කම මගෙ අත වැදිලා එතන තිබ්බ වීදුරුවක් බිමට වැටුනේ මට හිතන්නවත් වෙලාවක් නැති වෙනකොටයි...
"ආ...යී..."බිමට වැටුන වීදුරුවෙ කෑල්ලක් මගෙ කකුල උඩට විසික් උනේ නොනවත්වාම මගෙ කකුලෙන් ලේ ගලනකොටමයි....

"අනෙ අම්මේ.."එහෙම කියාගෙන මං බිම ඉද ගත්තෙ කකුලත් අල්ලගෙනම...

"හිමදි ඇයී..."මගෙ කෑගැහිල්ල ඇහිලා එතනට දුවන් ආවෙ ශනුද් ...

8වන දිග හැරුමෙන් හමු වෙමු❤️

Du hast das Ende der veröffentlichten Teile erreicht.

⏰ Letzte Aktualisierung: May 18, 2021 ⏰

Füge diese Geschichte zu deiner Bibliothek hinzu, um über neue Kapitel informiert zu werden!

හිම කැටේ දෝ මා....Wo Geschichten leben. Entdecke jetzt